Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරයට හොරු පනී..

  අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරයේ පුස්තකාල ගොඩනැගිල්ලේ පහත මහලේ ගබඩාවකට රාත්‍රියේ රහසිගතව ඇතුළු වූ කිසියම් අයෙකු එහි තිබූ ලී වැඩ යන්ත්‍ර දෙකක...

 


අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරයේ පුස්තකාල ගොඩනැගිල්ලේ පහත මහලේ ගබඩාවකට රාත්‍රියේ රහසිගතව ඇතුළු වූ කිසියම් අයෙකු එහි තිබූ ලී වැඩ යන්ත්‍ර දෙකක් හා ජංගම දුරකථනයක් සොරකම් කර පලා ගොස් තිබෙන සිද්ධියක් සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

මෙම සොරකම ට පැමිණ ඇති පුද්ගලයා කන්දේ විහාරස්ථාන භූමියේ පොලිස් මුරපොල ට නුදුරින් ඇති තාප්පයෙන් පැන විත් මෙම සොරකම සිදුකර ඇතැයි පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.

සොරකමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදුකරන බව අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතා පැවසීය.

No comments

Ads Place