Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අධ්‍යක්‍ෂවරියක් නිසා අවුල් ජාලයක්.. දන්ත වෛද්‍යවරුන් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට..

දන්ත වෛද්‍ය සේවාවට අදාල ‘අධ්‍යක්ෂක දන්‍ත සේවා’ ධුරයේ රාජකාරී ආවරණය කරන වෛද්‍යවරියකගේ ක්‍රියාකලාපය නිසා ක්ෂේත්‍රය තුළ බරපතළ ගැටලූ රැසක් මේ වන...


දන්ත වෛද්‍ය සේවාවට අදාල ‘අධ්‍යක්ෂක දන්‍ත සේවා’ ධුරයේ රාජකාරී ආවරණය කරන වෛද්‍යවරියකගේ ක්‍රියාකලාපය නිසා ක්ෂේත්‍රය තුළ බරපතළ ගැටලූ රැසක් මේ වන විට නිර්මාණය වී ඇතැයි වාර්තා වෙයි.

දැනට යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සහන සේවා දන්ත වෛද්‍ය වරියක යාපනය දිස්ත්‍රික් මහ රෝහලට ස්ථාන මාරුවක් ලබා දීම සඳහා වාර්ෂික ස්ථාන මාරැ ක්‍රියාපටිපාටින් උල්ලංඝනය කරන ඇයගේ සාවද්‍යය ස්ථාන මාරැ ලේඛන රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් කිහිප වරක් ප්‍රතික්ෂේප කොට තිබේ.

එහි ප්‍රතිඵලය ලෙස සිදුව ඇත්තේ මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව වසරකින් පමණ එය ප්‍රමාද වී තිබීමයි.

එසේම මෙම වසරෙ මාර්තු මස සීමාවාසික පුහුණුව නිම කරන ලද පශ්චාත් සිමාවාසික දන්ත ශල්‍ය වෛද්‍යවරුන් හට මෙම වසරේ අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා ලැබිය යුතු මාසික වැටුප් ගෙවිම පැහැර හැරිමට කටයුතු කර ඇතැයිද චෝදනා එල්ල වෙයි.

මෙම වෛද්‍යවරුන් කොරෝනා වසංගත සමයේ දැඩි කැපවීමෙන් වැඩ කළ වෛද්‍ය කණ්ඩායමකි.

මේ පිළිබඳව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයෙන් කරන ලද විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ වෘත්තිය සමිතියක් ලෙස කළහැකි සියලු සාධනීය මැදිහත්වීම් සිදු කළද ඇයගේ අත්තනෝමතික ක්‍රියා කලාපය වෙනස් වී නොමැති බවයි.

තත්වය නිවැරදි නොවුවහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වීමට අකමැත්තෙන් වුවද තීරණය කිරීමට සිදුවනු ඇති බවද ඔවුන් පැවසූහ.

තනි රාජ්‍ය නිළධාරියෙකු සිය බල සීමාව අතික්‍රමණය කරමින් සිදු කරන මෙවැනි අකාර්යක්ෂම සහ නිර්ලජ්ජිත ක්‍රියා නිසා දන්ත ශෛල්‍ය වෛද්‍ය සේවය දැඩි අර්බුදයට යමින් පවතී.

lankacnews


No comments

Ads Place