Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චමල්ගෙන් පොලිසිය ඉවතට.. සරත් වීරසේකරට පොලිසිය සමග කැබිනට් ඇමතිකමක්..

  වත්මන් රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාට කැබිනට් ඇමති ධූරයක් සඳහා පත් කිරීමට නියමිතව ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි. පොලිසිය ඇතුළු...

 


වත්මන් රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාට කැබිනට් ඇමති ධූරයක් සඳහා පත් කිරීමට නියමිතව ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

පොලිසිය ඇතුළු ආයතන කිහිපයක් ඇතුළත් ‘මහජන ආරක්ෂක අමාත්‍යාංශය’ ලෙස නව අමාත්‍යාංශයක් පිහිටුවා ඔහුට එය හිමි වීමට ඉඩකඩ ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනටමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම කැබිනට් ඇමති ධුරය සඳහා දෙපාර්තමේන්තු හා ආයතන නම් කර තිබේ.

නව අමාත්‍යංශ සඳහා ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුව, ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලය, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන අයත් වෙයි.

No comments

Ads Place