Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

හුදකලා කළ ප්‍රදේශ වලට ඇතුල් වීමට සහ පිටවීමට අවසර හිමි වන අය මෙන්න

අද අලූයම සිට හුදෙකලා කෙරෙන ප‍්‍රදේශවලට ඇතුළුවීමට හෝ පිටවීමට  කිසිඳු පුද්ගලයෙකුට අවස්ථාවක් හිමිනොවන බව පොලීසිය පවසනවා.  කෙසේවෙතත්, හුදෙකලා කෙ...


අද අලූයම සිට හුදෙකලා කෙරෙන ප‍්‍රදේශවලට ඇතුළුවීමට හෝ පිටවීමට  කිසිඳු පුද්ගලයෙකුට අවස්ථාවක් හිමිනොවන බව පොලීසිය පවසනවා. 


කෙසේවෙතත්, හුදෙකලා කෙරෙන ප‍්‍රදේශවල සිටින අත්‍යවශ්‍ය සේවා සැපයුම්, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩල කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්ට නිසි අවසරය ලබාගෙන එම ප‍්‍රදේශවලට ඇතුළු වීමට සහ ඉන් පිටවීමට අවසර හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ අතර හුදෙකලා කෙරුණු ප‍්‍රදේශවල සිටින ජනතාවට පිසූ ආහාර සැපයීම වැනි සේවා සිදුකළ හැකි වුවත්, එම ප‍්‍රදේශවල පිහිටි වෙළඳසැල් වසා තැබිය යුතු බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප‍්‍රකාශ කළා. 


මේ අතර අද සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළද, රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය, අවම කාර්යය මණ්ඩලයක් පමණක් සේවයට කැඳවිය යුතු බවටයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දන්වා ඇත්තේ. ඒ, පවතින සෞඛ්‍ය අවදානම ද සැලකිල්ලට ගනිමින්. 


අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි නෙත් නිවුස් වෙත පැවසුවේ මේ සම්බන්ධයෙන් වන නියෝග දැනටමත් රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් වෙත ලබාදී ඇති බවයි. 


රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ සේවයට කැඳවන අවම කාර්යය මණ්ඩලය පිළිබඳ අදාළ ආයතන ප‍්‍රධානීන් විසින් තීරණය කරන බවයි. 

nethnews

No comments

Ads Place