Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට – ඉන්දියාවේ බලපෑමට ආණ්ඩුව හිස නමයි

පසුගිය සඳුදා දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව කොළඹ වරායේ ප්‍රධානතම පර්යන්තය වන නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ” අධානි ” සමාගමේ කළමණාක...


පසුගිය සඳුදා දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව කොළඹ වරායේ ප්‍රධානතම පර්යන්තය වන නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ” අධානි ” සමාගමේ කළමණාකාරීත්වයට පැවරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තීරණය කළ බව වාර්තා වේ.

මෙම තීරණය අනුව එම පර්යන්තයේ අයිතියෙන් 49% ක් ඉන්දියානු සමාගමට හිමිවන අතර එම සමාගම සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක් ඒකාබද්ධ ගිවිසුමකට එළඹෙන බව වාර්තා වේ.

නමුත් එම 49% අයිතිය සඳහා එම සමාගම විසින් ශ්‍රී ලංකාවට කළයුතු ගෙවීම් පිළිබඳව තොරතුරු වාර්තා නොවේ. වරායේ මැද පෙළ වෘතිය සමිති නායකයෙකු ලංකා ලීඩ් වෙත සඳහන් කළේ මෙම ගනුදෙනුව පිටුපස අධානි සමාගම සමඟ හවුල්වන ශ්‍රී ලංකාවේ සමාගමේ ප්‍රධානියාගේ ඥාතියෙකු වන ආණ්ඩුවේ ඉතාම ඉහළ නිළයක් දරන්නෙකු සිටින බවය.

ඒ අතර ඔහු සඳහන් කළේ සේවක විරෝධතා කඩා කප්පල් කිරීම සඳහා අධානි සමාගම විසින් වෘතීය සමිති නායකයින් මිලදී ගැනීමට ඉඩ ඇති බවය.

lanka lead news

No comments

Ads Place