Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොරෝනා

ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ්-19 හට වෛරසය අසාධනය වි ඇති බව අද (10) නිකුත්වු PCR පරික්ෂණ වාර්තාවේ දැක්වෙන බව ප්...


ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ්-19 හට වෛරසය අසාධනය වි ඇති බව අද (10) නිකුත්වු PCR පරික්ෂණ වාර්තාවේ දැක්වෙන බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.


මෙම වෛද්‍යවරයා මීට පෙර කොවිඩ් -19  ආසාධනයවු වෛද්‍යවරයා සමග එකම නිල නිවසේ නේවාසිකව සිට ඇති බව වාර්තා වේ. පලමු වෛද්‍යවරයා කොවිඩ් -19 ආසාධනය වි ඇති බව පසුගිය නොවැම්බර් මස 02 වෙනිදා සොයා ගැනිමෙන් පසු එම වෛද්‍ය නිල නිවාසයේ සිටි තවත් වෛද්‍යවරු තිදෙනෙකු එම නිල නිවාසයේම නිරෝධායනයට ලක් කරමින් සිට සිදුකල PCR පරික්ෂණයකින් මෙම වෛද්‍යවරයාට කොවිඩ් -19 වෛරසය ආසාධනය වි ඇති බවයි.


කොවිඩ් -19 වෛරසය ආසාධනය වු මෙම වෛද්‍යවරයාද කොළඹ IDH රෝහල වෙත මාරුකර යැවිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන ඇත. මේ වන විට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් මෙම ආසාධිත වෛද්‍යවරයා සමග ආසාධිතයන් 14 දෙනෙකු සොයාගෙන තිබේ.

nethnews

No comments

Ads Place