Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවට කිසිම සැලසුමක් නැති නිසා කොරෝනා ලෙඩ්ඩු සිය දිවි නසාගන්නවා.. රහස් බෙහෙතත් නෑ.. සුදර්ශනී පැණියත් නෑ.. කලගෙඩි ගගට දානවා විතරයි..

  අද ඇඳිරි නීතිය ගැන තීරණ ගන්නේ රටේ පරිපාලන නිලධාරීන් නෙවෙයි. හමුදාපති යි, අජිත් රෝහණ – දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙ...

 


අද ඇඳිරි නීතිය ගැන තීරණ ගන්නේ රටේ පරිපාලන නිලධාරීන් නෙවෙයි. හමුදාපති යි, අජිත් රෝහණ – දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙන්නයි. සැලසුමක් නැති, සම්බන්ධීකරණයක් නැති ඇදිරි නීති දැමිල්ල නිසා රටම අවුල් ජාලාවක් වෙලා. මේ අය පැයෙන් පැය නිරෝධායනය ගැන, ඇදිරි නීතිය ගැන එකිනෙකට පස්පර කථා කියනවා. මාධ්‍ය ඉස්සරහට ඇවිත් ඊලඟ පොලිස්පති වෙන්න අවධානය දිනා ගන්න හදනවා. එක්කෙනෙක් නිරෝධායනය කරනවා කියනවා. අනික් කෙනා එහෙම කරන්නේ නෑ කියනවා. මේවා අහගෙන ඉන්න කෝවිඩ් ලෙඩ්ඩු ‘සියදිවි නසාගන්නවා‘ යැයි රෝහණී කවිරත්න මහත්මිය පැවසූවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති පුවත් පත් සාකච්ඡාවක දී ය.

සැලසුමක් නැතිව ඇදිරි නීතිය පැනවීම නිසා මුළු රටේම ‘සැපයුම් ජාල බිඳවැටිලා‘ තිබෙනවා. බස්නාහිර පළාතේ මිනිස්සු බඩගින්නේ ඉදිද්දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු විකුණාගන්න බැරි වෙලා තියෙනවා. කිසිදු සැලසුමක්, කලමනාකරණ යාන්ත්‍රණයක් නැතිව හමුදාවත්, පොලීසියත් හිතෙන හිතෙන හැටියට ඇඳිරි නීතිය පැනවීම නිසා කන්න නැති, බෙහෙත් නැති, මිනිස්සු මහ මගට වැටෙන, රෝගීන් සිය දිවි නසා ගන්නා ‘විසාලා මහ නුවරක් බව‘ බස්නාහිර පලාතම පත්ව වෙලා තියෙනවා.

අද කෝවිඩ් වලට තියෙනවා කිව්ව රහස් බෙහෙතුත් නෑ. සුදර්ශනී ගේ පැනිය – කළ ගෙඩි ගඟට දාන සෙල්ලම විතරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය දුන්න සල්ලිවලින් මාස 6 ක් කොරෝනා පරීක්ෂණ උපකරණයව මිලදී නොගත් ආණ්ඩුවක් මේක. කොමිස් ගන්න ලාබ බඩු ගෙනල්ලා, මැෂින් කැඩුණාම පුවත්පත් නිවේදනය නිකුත් කරන ආණ්ඩුවක් මේක.

බස්නාහිර පළාතේ මිනිස්සුන්ට කන්න නෑ. බෙහෙත් නෑ. එළවළු, මස්, මාළු ටික බෙදාගන්න ක්‍රමයක් නෑ. ගාල්ල මාතර, කළුතර, පුත්තලම මාළු ටික විකුණාගන්න බෑ. කුරුණෑගල බිත්තර තොග විකුණාගන්න බැරිව ඉන්නවා. දඹුල්ලේ ඊයේ දවල් එළවළු කිලෝ ලක්ෂ 27 ක් ගොඩ ගැහැලා තිබුණා. කොළඹ පාර්ලිමේන්තුව පෙනෙන මානයේ ඊයේ මිනිස්සුන්නට එළවළු සල්ලිවලටවත් ගන්න බෑ. මාළු තියා අත්‍යවශ්‍ය දියවැඩියාව, ප්‍රෙෂ්ර් බෙහෙත් ටිකවත් ගන්න බෑ.

රට පුරාම සැපයුම් ජාල අක්‍රීය වෙලා. මිනිස්සුන්ගේ නිෂ්පාදන කුණු වෙනවා. තවත් පිරිසක් බඩගින්නේ මැරෙන්න හදනවා. ප්‍රවාහණය ගැන සැලසුමක් නෑ. රජයේ සේවකයෝ කාර්යාලවලට කැදවීම ගැන ප්‍රතිපත්තියක් නෑ.

ඒ අස්සේ දරුවෝ විභාග ලියනවා. ඔවුන්ට විභාග ශාලාවට එන්න ප්‍රවාහණ පහසුකම් නෑ. ඔන් ලයින් උගන්නවා කිව්වාට ලග්ගල පල්ලේගම දරුවෝ ගස් උඩ නැගලා, ඉණිමං තියලා වහළ උඩ ඉදන් තමයි සිග්නල් තියෙන තැන්වල ඉදන් පාඩම් ඉගෙන ගන්නේ. අවුරුද්දක් පුරා දරුවන්ගේ අධ්‍යාපනය ගැන කිසිම වැඩක් නොකරපු ආණ්ඩුවක් මේක.

රෝහල් කාර්ය මණ්ඩලවලට අත්‍යවශ්‍ය උපකරණ, බෙහෙත්, පහසුකම් නෑ

රෝහල්වල සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය මුලික පහසුකම් සපයා දෙන්නේ නෑ. හෙද හෙදියෝ අන්ත අසරණ තත්වයට පත් කරලා. මධ්‍යම පළාතේ වෛද්‍යවරුන්ට, හෙදියන්නට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය අත්වැසුම් ටික දෙන්න බැරි වෙලා තියෙනවා. අද, මධ්‍යම පලාතේ ඖෂධ වර්ග 31 ක හිගයක් තියෙනවා. කියන්න කෙනෙක් නෑ. අහන්න කෙනෙක් නෑ.

රු. මිලියන 250 ක් වැය කරලා, මුල්ලේරියාව රෝහලට යන්ත්‍රයක් ගෙනවා. එක් වැඩ කරන්නේ නෑ. ලංකාවේ පී.සී.ආර්. යන්ත්‍ර 25 ක් තියෙනවා. කැඩෙන හැම මැෂිමක්ම හදන්න පිටරටිින් එනවා ද? චීනයත් එක්ක ව්‍යාපාර කරන්න බොරු සමාගමක් හැදුවා. වෛද්‍ය කාර්ය මණ්ඩලවලට නිසි පුහුණුවක් දුන්නේ නෑ. පුහුණුව ගත්ත අය දන්නේත් නෑ. රු. මිලියන 250 ක් වැය කළේ ඇයි? හැමදාම කැඩෙන්නේ ඇයි?

ජාතික රෝහලේ මාස තුනක් තිස්සේ ලැබ් එකක් හදනවා කියනවා. තැන් වනේ කරලා, සේවකයෝ බලාගෙන ඉන්නවා මැෂින් හයි කරන කල්. පුද්ගලික ආයතනයක් ලෝකයේ තියෙන හොඳම වර්ගයකින් පීසීආර් යන්ත්‍රණයක් දෙන්න හැදුවා. ඒක ගත්තේ නෑ. දැන් ඊයේ ඒ යන්ත්‍රය ජයවර්ධපුර ට ගිහින් සවි කලා. කෝවිඩ් තත්වය නිසා වැඩිම අවදානම තියෙන්නේ කොළඹ ජාතික රෝහලට. අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත යට බිස්නස් නිසා පරිත්‍යාග වශයෙන් ලැබුණු යන්ත්‍රය වත් හයි කර ගන්න බැරිව ඉන්නවා. කොමිස් නැතිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මොකවත් කෙරෙන්නේ නෑ. යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය. ‘‘අද සෞඛ්‍ය අමාත්‍යාංශය කප්පිත්තෙක් නැති නැවක් වගේ ඔහේ එහාට මෙහාට පා වෙනවා. දවසින් දවස නිලධාරි මාරු කරනවා. කිසිම ප්‍රතිපත්තියක් නෑ.‘‘

පාර්ලිමේන්තුවට වියත්තු කියලා ගෙනත් තියෙන්නේ ‘බෙහෙත් හංගන‘ පිරිසක්. පොලේ හන්දියේ ස්ර්ව රෝග නසන ‘තෙල් බෙහෙත් වෙළෙන්දෙක්‘. මේ අය අපේ ආර්යුර්වේද වෛද්‍ය විද්‍යාවට නිග්‍රහ කරනවා. ප්‍රතිශක්තිය වැඩි කරන බෙහෙත් අපේ ආයුර්වේදයේ තියෙනවා. හැබැයි ඒවා ප්‍රචලිත කරන්නේ නැතිව මිත්‍යාව විතරක්ම වපුරනවා.

lankacnews

No comments

Ads Place