Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැනිං වෙළඳපොළ අලුත් ගොඩනැගිල්ලකට

පිටකොටුව මැනිං වෙළදපල තාවකාලිකව පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල වෙත රැගෙන යාමට තීරණය කර තිබෙනවා.  ඒ අනුව ලබන සදුදා සිට මැනිං වෙළද...


පිටකොටුව මැනිං වෙළදපල තාවකාලිකව පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල වෙත රැගෙන යාමට තීරණය කර තිබෙනවා. 


ඒ අනුව ලබන සදුදා සිට මැනිං වෙළදපල කටයුතු එම ගොඩනැගිල්ලේ සිට සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ. කෙසේවෙතත් මෙහිදී සිදුකරන්නේ තොග වෙළදාම් පමණක් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ. 


බස්නාහිර පළාතටම පැනවූ ඇදිරි නීතිය ඉකුත් 9 වනදා ඉවත් කිරීමත් සමග මැනිං වෙළදපලද විවෘත වනු ඇතැයි සළකා දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සිට ගොවීන් සහ ව්‍යාපාරිකයින් සිය අස්වනු තොග රැුගෙන පිටකොටුවට පැමිණ තිබුණා. එහෙත් එම තොග භාරගැනීමක් මැනිං වෙළදපලේදී සිදු නොවුනු බැවින් ගොවීන් සහ ව්‍යාපාරිකයින් පත්වූයේ දැඩි දුෂ්කරතාවකටයි. 


පිටකොටුව මැනිං වෙළදපල සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ පැවසුවේ ගොවීන්ට සිය අස්වනු විකුණා ගැනීමට නිවැරදි වැඩපිළිවෙලක් සකස් කළයුතු බවයි.


යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ පිටකොටුව මැනිං වෙළදපල ආශි‍්‍රත නාට්ටාමිවරුන් විශාල පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම හේතුවෙන් පෙරේදා වෙළදපල විවෘත නොකළ බවයි. 


මේ වනවිට පිටකොටුව මැනිං වෙළඳපල අවට නාට්ටාමිවරුන් 93 දෙනෙකුට ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි වාර්තා වී ඇත්තේ. පවතින තත්ත්වය සලකා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවන්ට ද ඊයේ හදිසි අහඹු ඡුක්‍ඍ පරීක්ෂණ සිදුකෙරුණා. දඹුල්ල නාගරික ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක පි‍්‍රයන්ත ද සිල්වා පැවසුවේ අහඹු ලෙස තෝරාගත් කම්කරුවන් 50 දෙනෙකුගෙන් සාම්පල ලබාගත් බවයි.

nethnews

No comments

Ads Place