Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් ආසාදනය වූ කාන්තා රැඳවියන් වෙනුවෙන් මිගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙන් කෙරේ

බන්ධනාගාර තුලදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ කාන්තා රැදවියන්ට ප්‍රතිකාර කිරීම සදහා මෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරීම සදහා මීගමුව පල්ලන්...


බන්ධනාගාර තුලදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ කාන්තා රැදවියන්ට ප්‍රතිකාර කිරීම සදහා මෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරීම සදහා මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය, කාන්තා රැදවියන්ගේ නිරෝධායන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට බන්ධනාගාර ප්‍රතිසංසකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ගේ උපදෙස් පරිදි බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන ලදි.


ඒ සදහා අවශ්‍ය ඇදන්, මේට්ට, කොට්ට, බෙඩ්ෂීට් අතුළු වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයෙන් ලබාදී ඇති අතර කාන්තා රැදවියන් 240කට මෙහි නිරෝධායන සහ ප්‍රතිකාර කිරීමට ඉඩපහසුකම් සලසා ඇත.


ජාත්‍යන්තර රතුකුරුස සමාජය විසින්ද මෙම කටයුතු සදහා සහයෝගය ලබාදෙමින් කාන්තා රැදවියන් සදහා අවශ්‍ය අත්ආවරණ, මුව ආවරණ, විසබීජහරණය සදහා උපකරණ, ඇදුම් ඇතුලු උපකරණ තොගයක් පල්ලන්සේන බන්ධනාගාර පරිශ්‍රයේදී රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ වෙත අද දින බාරදෙන ලදී.


මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් වෛද්‍ය අතපත්තු, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, කොමසාරිස් පුනරුත්ථාපන චන්දන ඒකනායක, කොමසාරිස් බුද්ධි මෙහෙයුම් තුසිත උඩුවර ඇතුළු පිරිසක් එක්ව සිටියා.

nethnews

No comments

Ads Place