Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකරන්නේ විද්වත් කමිටුවේ නිර්දේශ මතයි - වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා කියයි

කොවිඞ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ යොදා ගැනීම, ඒ සම්බන්ධයෙන් පත්කර ඇති විද්වත් කමිටුවේ නිර්දේශ අනුව සිදු කරන බව වසංගත...


කොවිඞ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ යොදා ගැනීම, ඒ සම්බන්ධයෙන් පත්කර ඇති විද්වත් කමිටුවේ නිර්දේශ අනුව සිදු කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහි ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා. 

මේ අතර, පෙර අවස්ථාවන්ට වඩා වැඩිහිටියන් සහ කුඩා දරුවන්ට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වන තත්ත්වයක් මේ වනවිට දක්නට ලැබෙන බවයි වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

No comments

Ads Place