Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සබරගමු සියළුම හෙද නිළධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට…

බලන්ගොඩ මුලික රෝහලේ විශේෂ ශේණියේ හෙඳ නිළධාරිණියකට පහර දුන් සෞඛ්‍ය කාර්ය සහයකයාට මෙතෙක් විනයානුකූල පියවරක් නොගෙන ඇති බවත් ඒ හේතුවෙන් සබරගමු ප...


බලන්ගොඩ මුලික රෝහලේ විශේෂ ශේණියේ හෙඳ නිළධාරිණියකට පහර දුන් සෞඛ්‍ය කාර්ය සහයකයාට මෙතෙක් විනයානුකූල පියවරක් නොගෙන ඇති බවත් ඒ හේතුවෙන් සබරගමු පලාතේ සියළුම හෙද නිළධාරින් එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ හෙඳ නිළධාරින්ගේ සංගමය සහ රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමය පවසයි.

එම සංගම් දෙකට අයත් බලන්ගොඩ මුලික රෝහලේ හෙඳ නිළධාරින් 16 දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගක් ආරම්භ කලහ.

පහර කැමට ලක් වි ඇති විශේෂ ශේණියේ හෙඳ නිළධාරිණිය බලන්ගොඩ මුලික රෝහලේ පළමු වාටිටුවට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබයි

මෙම පහර දිමට විරෝධය පළ කරමින් සේවයෙන් ඉවත් වු බව එම හෙඳ සංගම් දෙක විසින් ඒකාබද්ධ ලිපියක්ද රෝහලේ වෛද්‍ය අධිකාරි වරියට වෙත යොමු කර ඇත.

මෙිි අතර හෙඳ නිළධාරිණියට මරණ තර්ජනද සිදු කර ඇති බවටද එම ලිපියේ සදහන්ය. පහර දිම සිදු කර ඇති සෞඛ්‍ය කාර්ය සහයක නිළධාරියා විසින් සිදු කරන ලද විනය විරෝධී කියාකාරකම් සමිබන්දයෙන් මින් පෙරද අවස්ථා කිහිපයක්ම අදාළ සෞඛ්‍ය බළධාරින්ට දැනුම් දි ඇති බවත් මෙතෙක් ඒ සමිබන්දයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද එම හෙඳ සංගම් දෙක පවසයි.

මෙිි සමිබන්දයෙන් විනයානුකූල පියවරක් ගන්නා තුරැ ⁣ර⁣ජයේ හෙඳ නිළධාරින්ගේ සංගමයේ සංගමයේ සාමාජිකයින් සහ රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමයේ සාමාජිකයින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වි ඇති අතර මෙයට විනයානුකූල පියවරක් නොගන්නේ නමි සබරගමු පලාතේ සියළුම හෙද නිළධාරින් එකතුව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවද එම සංගම්වල නියෝජිතයින් කිිහ.

lankacnews

No comments

Ads Place