Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බන්ධනාගාර පොකුර ක්‍රමයෙන් පාලනයට- ඊයේ දිනයටම එක් ආසාධිතයෙකු පමණයි

  ගතවූ පැය 24 තුළ බන්ධනාගාර පොකුරෙන් වාර්තා වී ඇත්තේ එක් කොරෝනා ආසාදිතයෙකු පමණක් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ...

 


ගතවූ පැය 24 තුළ බන්ධනාගාර පොකුරෙන් වාර්තා වී ඇත්තේ එක් කොරෝනා ආසාදිතයෙකු පමණක් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.


කෙසේවෙතත්, ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 337 දෙනෙකු අලූතින් හඳුනා ගත් බවයි යුද්ධ හමුදාපතිවරයා ප‍්‍රකාශ කළේ. 


මේවනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,500 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 


මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා මරණ 03 ක් වාර්තා වුණා. ඒ සමග මේවනවිට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ ගණන 90 ක්. ඊයේ වාර්තා වුණු කොරෝනා මරණ 03 අතර කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු වනවා.  


එක් කාන්තාවක් හෙයියන්තුඩුව ප‍්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක්. කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු එම කාන්තාව ෂෘ්‍ය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉකුත් 22 වනදා ඇය මියගොස් ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. 


මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ උග‍්‍ර ආසාදන තත්ත්වයක්.  මේ අතර කොළඹ 14 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් ද මියගොස් තිබෙනවා. හෘදයාබාධයක් හේතුවෙන් එම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ දිනයේදී ඇය මියගිය බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. 


හෘදයාබාධ තත්ත්වය සහ කොරෝනා වෛරසයේ ආසාදනය මරණයට හේතුව බව දැක්වෙනවා.  මේ අතර කොළඹ 15 මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසුවූ පිරිමි පුද්ගලයෙකු ද මියගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති අතර පසුව ඔහුව හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. 


එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඊයේ මියගොස් ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇතිවූ ලේ විෂවීමක් මරණයට හේතුව ලෙස දැක්වෙනවා. 

No comments

Ads Place