Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්ද පාලනය සේම ගෝටාභය පාලනයද අසමත්.. කොරෝනා ව්‍යාපාරයක් කරගෙන..- රන්ජන්

මහින්ද රාජපක්ෂ යුගයේ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන යුගයද අසමත් බව මේ වන විට ඔප්පු කරමින් සිටින්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍...


මහින්ද රාජපක්ෂ යුගයේ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන යුගයද අසමත් බව මේ වන විට ඔප්පු කරමින් සිටින්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

පෙර අවස්ථාවලදී ද රටේ ව්‍යවසන තත්ත්වයන් ඇති වූ විට සිදු කළ ආකාරයට ද මෙවර කොරෝනා ව්‍යවසනයද ආණ්ඩුව විසින් ව්‍යාපාරයක් කරගෙන ඇතැයිද ඔහු කියා සිටියි.

රාජපක්ෂ ජුන්ටාව හොර කණ්ඩායමක් බව තමන් මුලසිටම පැවසූ බවත් සුනාමි මුදල් ගසා කෑ බවත් යුද්ධය ද ව්‍යාපාරයක් බවට පත් කරගත් බව පැවසූ ඔහු අද කොරෝනා වසංගතය ව්‍යාපාරයක් කරගෙන සිටින බවද පැවසීය.

ශ්‍රී ලංකාව දූපතක් නිසා කොරෝනා වසංගතය මෙහි පැමිණියේ පාලකයන්ගේ වරදින් පමණක් බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

lankacnews

No comments

Ads Place