Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අයවැය දෙවනවර කියවීම අද

2021 වර්ෂයට අදාළ අයවැය ලේඛනය, දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස අග‍්‍රාමාත්‍ය, මහින්ද රාජප...


2021 වර්ෂයට අදාළ අයවැය ලේඛනය, දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස අග‍්‍රාමාත්‍ය, මහින්ද රාජපක්ෂ මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. 


2021 විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 06 වැනිදා ගැසට් පත‍්‍රයේ පළ කෙරුණු අතර පසුව එය ඔක්තෝබර් 20 වැනිදා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අද පස්වරු 01 යි 40 ට පාර්ලිමේන්තුව රැුස්වීමට නියමිත අතර අනතුරුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ප‍්‍රකාශය සිදුකිරීමට නියමිතයි. එය සැලකෙන්නේ මෙරට 75 වැනි අයවැය වාර්තාව ලෙසයි. 


2021 මුදල් වර්ෂයට අදාලව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678ක් වෙන් කිරීම සහ ශ‍්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට මෙවර විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයා විසින් අද අයවැය ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු හෙට සිට 21 වැනිදා දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි. හෙට සිට 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවත්වෙනවා. අයවැය දෙවනවර කියවීම පිළිබඳ ඡුන්ද විමසීම පැවැත්වෙන්නේ 21 වැනිදා පස්වරු 5.00ටයි. 


ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙසැම්බර් 10 වැනදා පස්වරු 5.00ට එහි ඡුන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.


අයවැය ප‍්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අද සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාලසීමාව තුළ සියලූ‍ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සඳහන් කළේ. අද දිනයේ විදේශ තානාපතිවරු සහ මුදල් අමාත්‍යාංශයේ අවසරලත් නිලධාරීන්ට පමණක් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආරාධනා කර ඇති අතර අයවැය ප‍්‍රකාශය පැවැත්වෙන කාලසීමාව තුළ කථානායක ගැලරියේ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධානයන්ට යටත්ව ආසන පනවා තිබෙනවා. එමෙන්ම මහජන ගැලරිය සහ මාධ්‍ය ගැලරිය තවදුරටත් වසා තැබෙනු ඇති. 


අයවැය ප‍්‍රකාශය සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප‍්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග‍්‍රහය මෙවර පැවැත්වෙන නමුත් එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ.


අද පාර්ලිමේන්තුවේ සිදුකෙරෙන 2021 වර්ෂයට අදාළ අයවැය කථාවේ සම්පූර්ණ තොරතුරු නෙත් නිවුස් තුළින් ගෙන ඒමට සූදානම්. 

nethnews

No comments

Ads Place