Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ගැන සතුටුදායක පුවතක්

කොරෝනා වෛරසය ආසාදනය නොවූ පුද්ගලයින්හට වෛරසය ආසාදනය වීම සීයයට 90 කින් අවම කරනු ලබන එන්නතක් නිපදවීම සඳහා ඖෂධ නිෂ්පාදන සමාගම් දෙකක් සමත්ව තිබෙන...


කොරෝනා වෛරසය ආසාදනය නොවූ පුද්ගලයින්හට වෛරසය ආසාදනය වීම සීයයට 90 කින් අවම කරනු ලබන එන්නතක් නිපදවීම සඳහා ඖෂධ නිෂ්පාදන සමාගම් දෙකක් සමත්ව තිබෙනවා.


Pfizer Inc. (NYSE:PFE) සහ BioNTech යන සමාගම් දෙක විසින් මෙම නව එන්නත නිපදවා ඇත. එම එන්නතේ තුන්වන අදියරේ සායනික පරීක්ෂාවන් සාර්ථකවූ බවයි එම සමාගම් විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.


"අපගේ එන්නත් සංවර්ධන වැඩසටහනේ තීරණාත්මක සන්ධිස්ථානයක් කරා ළගා වෙන්නේ ලොව පුරා නව කොවිඩ් රෝගීන් වාර්තා වීමේ වාර්තා පිහිටුවෙමින් පවතින අවස්ථාවකයි. රෝහල් වල ධාරිතාවන් ඉක්මවා යමින් සිටිනවා වගේම ආර්ථිකයන් විවෘත කිරිමට හැකියාවක් නොමැති අවස්ථාවක් උදාවෙලා තිබෙන්නේ. 


මෙවැනි පසුබිමක් යටතේ ගෝලීය සෞඛ්‍ය ගැටළුව මධ්‍යයේ ජනතාවට ඉදිරි ගමනක් යාම සඳහා මෙය ඉදිරි පියවරක් වනු ඇති. 


මෙම සායනික අත්හදා බැලීමට ස්වෙච්ජාවෙන් සහභාගිවූ දහස් සංඛ්‍යාත ජනතාවට, අධ්‍යයන සහයෝගිතාකරුවන්ට, විමර්ශකයින්ට අප ස්තුතිවන්ත වනවා යැයි" Pfizer ඖෂධ සමාගමේ සභාපති වෛද්‍ය Albert Borula නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.


ඉකුත් ජුලි 27 වෙනිදා ආරම්භ වූ මෙම තුන්වන අදියරේ සායනික පරික්ෂාව සඳහා පුද්ගලයින් 43,538 දෙනෙකු සහභාගිවි ඇත.

nethnews

No comments

Ads Place