Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිනකට ආසාදිතයන් සිය ගාණක්.. ජනතාව භීතියෙන්.. රට වසා දමන්න.. ආර්ථිකයට වඩා ජීවිත වටිනවා..

රටේ ආර්ථිකයට වඩා මේ රටේ ජනතාවගේ ජිවිතය වටිනා බව මධ්‍යම පලාත් සහ ඌව පලාත් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය. හැටන් ප...


රටේ ආර්ථිකයට වඩා මේ රටේ ජනතාවගේ ජිවිතය වටිනා බව මධ්‍යම පලාත් සහ ඌව පලාත් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.

හැටන් ප්‍රදේශයේ (10) දින විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් මෛත්‍රි ගුණරත්න මහතා එ බව් පැවසිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේ.

රට විවෘත කරලා තියෙද්දිත් ඇදිරි නිතිය පනවලා තියෙනවා වගේ තමයි තියෙන්නේ. ජන ජිවිතය සම්පුර්ණයෙන්ම ඇණ හිටලා තියෙනවා.

මේකට හේතුව තමයි දිනකට කොවිඩ් රෝගින් 300-400 වාර්තා විම , මේකත් සමග ආණ්ඩුවේ කිසිදු වැඩපිලිවෙලක් නැති බවත් පේනවා.

ජනතාව බියට පත් වෙලා තියෙනවා. ජනතාව වැඩට යන්න බයයි.

ආණ්ඩුව එක්කෝ රට වහලා මේ තත්ත්වය පාලනය කරන්න ඕනි , දිනෙන් දින කොවිඩ් රෝගින් 300 – 400 වාර්තා විම නිසා ජනතාව භියට පත් වෙලා ඉන්නේ.

ජනතාව අතරට ගිහින් තියෙනවා සෞඛ්‍යය අංශයට මේක පාලනය කරන්න බැ කියලා. සෞඛ්‍යය පහසුකම් නැ කියලා.

අපි ආණ්ඩුවට කියනවා මේක ගැන යලි සලකා බැලිමක් සිදු කරන්න කියලා.

දැන් දිපවාලි උත්සවය එලඹෙනවා , හුගක් වේලාවට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ආර්ථිකය රැගෙන යන්නේ වතුකරයේ ජනතාව එහි ඇවිල්ලා වැඩ කරන නිසා.

දිපවාලි උත්සවයට විශාල පිරිසක් වතුකරයට එනවා. මේ අයට කොවිඩ් පරික්ෂණයක් සිදු කරලද එවන්නේ?

මේ එන අයට කොවිඩ් වැලදිලා තිබුණොත් වතුකරයේ පොකුරු පිටින් රෝගින් වාර්තා වෙනවා කිසිදු සැකයක් නැ.

අද මේ රටේ සියළුම ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ, සංචාරක කර්මාන්තය කඩා වැටිලා තියෙනවා , විදේශිය ආදායම් නැති වෙලා තියෙනවා , එකම ආදායම තමයි තේ කර්මාන්තය සහ බෝග වගා ආදායම පමණයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

වතුකරයට කොවිඩ් 19 පැතිරුණ හොත් තේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා.

ආණ්ඩුව මිට වඩා වගකිමෙන් වැඩ කරන්න ඕනි, කිසිද ඒකබද්ධ වැඩසටහනක් නැ. කොවිඩ් පාලනය කරන බවක් නම් පෙන්න නැ.

අණ්ඩුවට කොවිඩ් 19 පලවෙනි රැල්ල පාලනය කරගන්න පුළුවන් වුණා.

දෙවනි රැල්ල එනකොට සිසිකඩ පැතිරිලා තියෙන්නේ , ගොවින්ට එලවළු ටික විකුණගන්න බැරිවෙලා තියෙනවා.

ඇයි ආණ්ඩුවට බැරි උඩරටින්  කොළඹට යන එලවළු ප්‍රදේශයෙන් ප්‍රදේශයට බාගෙන ප්‍රදේශයේ ජනතාවට ලබා දෙන්න.

එලවළු ගොවින්ට එලවළු විකුණගන්න බැ , පාරිභෝගිකයන්ට එලවළු මිල දි ගන්න බැ.

ගොවින් විශාල කැපවිමක් කරලා තමයි වගා කරන්නේ , එ එලවළු පාඩුවට විකුණන්න වෙලා තියෙනවා.

එ නිසා ඒ ගොවියා ආපසු වගා කරයිද? බෙහෙත් නැ පොහොර නැ .

ජනාධිපතිවරයාගේ ස්ථාවරය හරි , නමුත් මිනුවන්ගෙඩ සහ පැලියගොඩ පොකුර පැතිරෙන්න දිලා අපිට කොවිඩ් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ කිව්වම හරිද?

බස්නාහිර පලාතේ නම් වෛරසය පැතිරිලා තියෙන්නේ සම්පුර්ණයෙන්ම සති දෙක තුනකට වහන්න ඕනි.

අනෙකුත් පලාත් වලත් පාලනය කරන්න ඕනි. නිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනි.

ක්‍රමවේදයක් නැ, කොවිඩ් රෝගින් 10 වගේ ඉන්න දිස්ත්‍රික්ක වල නම් එම දිස්ත්‍රික්කයට පිටින් එන්න  නොදි දෛනික කටයුතු කරන්න පුළුවන්.

ජනා කිර්ණ ප්‍රදේශවල මිට වඩා වැඩපිලිවෙලක් තියෙන්න ඕනි.

රොගින් දිනකට පහක් හයක් වගේ නම් හමුවෙන්නේ අන්න එතකොට රජයට කියන්න පුළුවන් කෙවිඩ් සමග ජිවත් වෙන්න වෙන්නේ කියලා කියන්න.

ආණ්ඩුවේ නොසැලිකිලිමත්කම නිසා තමයි කොවිඩ් දෙවනි රැල්ල ඇති වුණේ.

කොවිඩ් සම්බන්ධයෙන් තව ජනතාව දැනුවත් කරන්න ඕනි.

ආර්ථික කඩා වැටුණත් ජිවිතය තමයි වැදගත් , ජිවත් වුණොත් ආර්ථිකය නගා සිටුවන්න පුවළුන්.

දැඩි පාලනයක් සිදුකලොත් මේක පාලනය කරගන්න පුළුවන්.

දෙවනි රැල්ල ඇති වුණේ ඉන්දියාවෙන් මෙරටට පිරිසක් ගෙනාපු නිසානේ. එවා පාලනය වුණානම් මේක ඇති වෙන්නේ නැ.

කොවිඩ් 19 දැන් සමාජගත වෙමින් තියෙනවා. මිනුවන්ගෙඩ පොකුරු හංගගෙන මාස 1 ½ විතර තියාගෙන හිටියා. යනුවෙන් පැවසිය

lankacnews

No comments

Ads Place