Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගැසට්ටුවේ මිලට කොහෙවත් සහල් නෑ. ප්‍රශ්නය විසඳන්නෙත් නෑ. ඇයි මේ ආණ්ඩුව බබ්බුද ? - සුළු වී මෝල් හිමියන්

  ආණ්ඩුව විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් මිල ගණන් වලට වෙළඳපොලේ සහල් විකිණීමට නොමැති බව හොඳාකාරවම දැන දැනත් මේ ගැටළුවට විසඳුමක් නොදී මහ...

 


ආණ්ඩුව විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් මිල ගණන් වලට වෙළඳපොලේ සහල් විකිණීමට නොමැති බව හොඳාකාරවම දැන දැනත් මේ ගැටළුවට විසඳුමක් නොදී මහාපරිමාණ වී මෝල් හිමියන්ට පාරිභෝගිකයින්ව සූරා කෑමට ඉඩදෙමින් ආණ්ඩුව බලා සිටින්නේ මන්දැයි ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සමූපකාර සමිතියේ සභාපති මුදිත පෙරේරා මහතා ප්‍රශ්න කරයි. 

"අද සහල් කිලෝවක තොග මිල, නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 100 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ආණ්ඩුව විසින් නිකුත් කරලා තියෙන ගැසට් නිවේදනය අනුව නාඩු සහල් කිලෝ එකක් විකුණන්න පුළුවන් උපරිම සිල්ලර මිල රුපියල් 96යි. රුපියල් 100ට තොග මිලට ලැබෙන හාල් කිලෝ එක රුපියල් 96ට පාරිභෝගිකයාට නිකුත් කරන්න සිල්ලර කඩහිමියාට හැකියාවක් නෑ, ඔහුට පාඩුවක් වෙනවා. 

ඒ හින්දා අද ගත්තොත් එහෙම පොලොන්නරුවෙ බොහොමයක්, අති බහුතරයක් වෙළෙන්දො සහල් අලෙවියෙන් අයින් වෙලා තියෙනවා. මේක අනිත් දිස්ත්‍රික්කවල ගත්තත් ඒ තත්වෙම තමයි. 

ඉතිං ආණ්ඩුව හොඳාකාරවම දන්නවා ඔවුන් නියම කරලා තියෙන මිලට අද වෙළඳපොලේ හාල් නෑ කියලා. රජයේ අනිත් බලධාරීනුත් මේක නොදැක්කා සේ බලන් ඉන්නවා. අපි අහන්නෙ මේ බබ්බුද ? ඇයි මේ ගැටළුව විසඳන්නේ නැත්තෙ ? 

මේ හාල් 100ට, 110ට, 120ට, 140ට යන්න ඉඩ ඇරලා ආණ්ඩුව බලන් ඉන්නෙ මහාපරිමාණ මෝල්හිමියො මේ මැති ඇමතිවරුන්ට කරපු මැතිවරණ වියදම් හම්බකරගන්න ඉඩ ඇරලා, මේ කොරෝනා ව්‍යසනය වෙලාවෙ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ව හූරාගෙන කන්න ඉඩ ඇරලා බලන් ඉන්නෙ මේ පහුගිය මැතිවරණ වලට ගත්ත වියදම් ආවරණය කරගන්න මේ මහාපරිමාණ මෝල්හිමියන්ට කරන කළගුණ සැලකීමක් විදියට තමයි අපි මේක දකින්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පොලොන්නරුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments

Ads Place