Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් දෙකක පුහුණුකරුවන් යළි වෙනස් වෙයි

ලන්කා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට එක්වන දඹුල්ල වයිකින්ග් සහ කලම්බෝ කින්ග්ස් යන කණ්ඩායම්වල ප‍්‍රධාන පුහුණුකරු ධුරවල වෙනසක් සිදු කර ත...


ලන්කා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට එක්වන දඹුල්ල වයිකින්ග් සහ කලම්බෝ කින්ග්ස් යන කණ්ඩායම්වල ප‍්‍රධාන පුහුණුකරු ධුරවල වෙනසක් සිදු කර තිබෙනවා.


ඒ අනුව දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම් කර සිටි එංගලන්තයේ ජෝන් ලූ‍විස් එම ධූරයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට පත්කර ඇත්තේ එංගලන්ත හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක ඔවිස් ෂා.


දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කෙරුණු ජෝන් ලූ‍විස් මීට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද කටයුතු කළා. බොලිවුඕ නලූ‍වෙකු සහ ව්‍යාපාරිකයෙකු වන සචින් ජෝෂි විසින් දඹුල්ල කණ්ඩායම මිලදී ගැනීමත් සමග ජෝන් ලූ‍විස් දඹුල්ල කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකාර ධූරයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.


මේ අතර ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කින්ග්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත ක‍්‍රීඩකයෙකු වන කබීර් අලි පත්කර තිබෙනවා.


ඒ කලම්බෝ කින්ග්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස මීට පෙර නම්කර සිටි ෙඬ්ව් වට්මෝර් වෙනුවටයි. කලම්බෝ කින්ග්ස් කණ්ඩායමේ නව ප‍්‍රධාන පුහුණුකරු වෙන කබීර් අලි එංගලන්ත ක‍්‍රීඩක මොයීන් අලිගේ ඥාතියෙකුද වනවා. ලන්කා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය ලබන 26 වැනිදා හම්බන්තොටදී ආරම්භ වීමට නියමිතයි. 


එම තරගාවලියට එක්වීම සදහා ඉන්දීය තුන් ඉරියව් ක‍්‍රීඩක ඉර්ෆාන් පතන් ඊයේ ඩුබායි සිට ශ‍්‍රී ලංකාව බලා පිටත් වුණා. ඔහු මෙවර ලන්කා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේදී නියෝජනය කරන්නේ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමයි.

No comments

Ads Place