Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු ප‍්‍රහාරය ගැන පූජිත්ගේ බුද්ධි බලකායටත් තොරතුරු වාර්තා නොවී ඇති බවට අනාවරණයක්

  පාස්කු ප‍්‍රහාරය සිදුවීමෙන් පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් එවකට ජාතික පොලිස් කොමිසම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගෙන් සහ...

 


පාස්කු ප‍්‍රහාරය සිදුවීමෙන් පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් එවකට ජාතික පොලිස් කොමිසම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගෙන් සහ පොලිස් විශේෂ කාර්යාංශයේ රාජකාරී කළ නියෝජ්‍ය පොලිස්පති සරත් පීරිස්ගෙන් එම කාල සීමාවේදී ප‍්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වනවා.


පොලිස් බුද්ධි බලකායේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සරත් පීරිස් එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ, අදාළ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවූ බවයි. පොලිස්පතිවරයා යටතේ කි‍්‍රයාත්මක වන මෙම පොලිස් බුද්ධි බලකායට නිලධාරීන් 1,500 කට අධික පිරිසක් අනියුක්තව සිටින බවයි වාර්තා වන්නේ. 


කෙසේ වෙතත්, එවැනි ඒකකයක් පැවතුණ ද පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවූ බවට සිදු කෙරෙන ප‍්‍රකාශ ගැටළුසහගත වනවා. එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර යටතේ මෙම පොලිස් බුද්ධි ඒකකය කි‍්‍රයාත්මක වූවත් ඔහු ද පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ අදාළ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඔහුට කිසිදු තොරතුරක් නොලැබුණු බවයි.  

No comments

Ads Place