Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආසාදිතයින් ගමන් කළ හෝටල් කොරිඩෝවේ ගිය මහ මෝදර රෝහලේ අධ්‍යක්ෂකවරයා නිරෝධායනට

ගාල්ල මහමෝදර මාතෘ රෝහලේ අධ්‍යක්ෂකවරයා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කේ.ඒ. ප්‍රියන්ත ජීවරත්න...


ගාල්ල මහමෝදර මාතෘ රෝහලේ අධ්‍යක්ෂකවරයා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කේ.ඒ. ප්‍රියන්ත ජීවරත්න ප්‍රකාශ කර සිටිනවා.


නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලබන කොග්ගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් මේ වනවිට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන අතර එහි පාලන කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ මහමෝදර රෝහල මගිනි.  


අද (09) දින අළුයම හොරණ පිහිටි ඇගලුම් කම්හලකින් ආසාදිත සේවක සේවිකාවන් පිරිසක් එම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් ඇත. එම අවස්ථාවේදී එහි පැමිණි සිටි මහ මෝදර රෝහලේ අධ්‍යක්ෂකවරයා වැරදීමකින් ආසාදිතයින් ගමන්ගත් කොරිඩෝව දිගේ ගමන් කොට ඇති අතර ඒ හේතුවෙන් ඇතිවූ සැකය මත ඔහුව නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.


මහ මෝදර රෝහල් අධ්‍යක්ෂකවරයා එම හෝටලයේම පිහිටි වෛද්‍ය කාර්ය මණ්ඩලය නිරෝධායන කිරීම සඳහා වෙනකොට ඇති ස්ථානයක නිරෝධායනය කොට ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

nethnews

No comments

Ads Place