Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

බන්ධනාගාරයේ රැඳවියන් පිස්සු වට්ටන "මත් පෙත්තක්" ගැන ඇමති විමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

  බන්ධනාගරයන් තුල ගැටුම්කාරී තත්ත්වය ඇතිවී තිබීමට ප්‍රධාන හේතුව සංවිධානාත්මක රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාරය තුල බෙදා හරිනු ලබන "මත්...

 


බන්ධනාගරයන් තුල ගැටුම්කාරී තත්ත්වය ඇතිවී තිබීමට ප්‍රධාන හේතුව සංවිධානාත්මක රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාරය තුල බෙදා හරිනු ලබන "මත් පෙත්තක්" බව අමාත්‍ය විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.


වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ හිටපු සංවිධානත්මක අපරාධකරුවෙකු සමයං ගේ ගෝලයෙකු වන චතුරංග විසින් වැලිකඩ බන්ධනාගාරය තුළ කිසියම් "රිවර්ස්" නමින් හඳුන්වනු ලබන මත් පෙත්තක් විකිනීමට යොදා ඇති බවට කලකට පෙර බුද්ධි විසින් අනාවරණය කර ගෙන තිබු බවයි.


මෙම මත් පෙත්ත වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් කිහිපදෙනෙකුට මුලින්ම චතුරංග යන අය විසින් ලබාදී ඇති බවත් එම පෙත්ත භාවිතා කිරීමෙන් පසු ඔවුන්ට "ලේ දැකීමට" අවශ්‍ය වන බවත් සිද්ධිය ගැන අනාවරණය වීමෙන් පසු චතුරංග ඇතුළු ඊට සම්බන්ධ රැඳවියන් කිහිපදෙනෙකු වෙනත් බන්ධනාගාර වලට මාරුකොට යැවීමට බලධාරීන් පියවර ගනු ලැබූ බවයි.


කෙසේ හෝ මහර බන්ධනාගාරයේ ඊයේ ඇතිවූ අවාසනාවන්ත තත්ත්වය මගින් ජනාධිපතිවරයා ඇතුළු රජය ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියකට ලක් කිරීමට ඇතැම් පිරිසක් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කර සිටියේ.

No comments

Ads Place