Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විපක්ෂය ඔළුවෙන් හිටගෙන කෑ ගැහුවත් අපි කොරෝනා පරාද කරනවා..

විපක්ෂය ඔළුවෙන් හිටගෙන කෑ ගැහුවත් කොවිඩ් පරාජය කිරීම සදහා ආණ්ඩුව ගත යුතු ගත හැකි ඕනෑම පියවරක් නිවැරදිව ගන්නා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතු...


විපක්ෂය ඔළුවෙන් හිටගෙන කෑ ගැහුවත් කොවිඩ් පරාජය කිරීම සදහා ආණ්ඩුව ගත යුතු ගත හැකි ඕනෑම පියවරක් නිවැරදිව ගන්නා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සුපුරුදු පරිදි ජනතාව රවටා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් විපකෂය කිසිදු පදනමක් නොමැති අභුත චෝදනා නගන බවයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් කොවිඩ් 19 නිසා පීඩාවට පත් ප්‍රදේශවාසී ගර්භණී මාතාවන් 1600 ක් සදහා පෝෂණ මල්ලක් ලබා දීමේ අවස්ථාවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වේදින් හමුවේ අදහදස් පල කරමින් ඇමතිවරයා මේ බව සදහන් කලේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

‘‘විපක්ෂය ආණ්ඩුවේ කොවිඩ් 19 පාලනය කිරීමට ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් බොරු ප්‍රචාර කරනවා. මේක ඔවුන් කරන්නේ හිතා මතා ජනතාව රවටා ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීම සදහායි. විපක්ෂය හදන්නේ රට පුරා බොරු බියක් ඇති කරන්නයි. ඔවුන්ට විවේචන හැරෙන්න කිසිදු වැඩපිළිවෙලක් නෑ. රැපිඩ් ටෙස්ට් කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂය මේ වන විට රට පුරා බොරු වපුරා තිබෙනවා. මෙම රැපිට් ටෙස්ට් කට්ටල ගෙන්වා තිබෙන්නේ පෞද්ගලික අංශයෙන් මෙම උපකරණ භාවිතා කිරීමට සෞඛ්‍ය අංශ වල නිර්දේශ ලබා ගත යුතු බව සෞඛ්‍ය අංශ මේ වන විට පැහැදිලිව පවසා තිබෙනවා.

මුළු විපක්ෂයටම අද කොවිඩ් හැදිලා තියෙන්නේ. පක්ෂය දෙකට තුනට කැඩිලා පක්ෂය රැකගන්න බැරි විපක්ෂය තමයි අද ආණ්ඩුවට ඇගිල්ල දිගු කරන්නේ. කොවිඩ් පාලනය කරන වැඩපිවෙලට විපක්ෂය කරලා තියෙන උදව්ව මොකක්ද? ඔවුන් කරලා තියෙන්නේ විවේචනය පමනයි. මේ විවේචන වලට අපි බය නෑ. රටේ ජනතාව දන්නවා මහින්ද ගෝඨාභය ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක් කියලා විපක්ෂයේ බොරු චෝදනා වලට බයේ කිසිසේත් අපි අපේ සටන නතර කරන්නේ නෑ.“

No comments

Ads Place