Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීනය සහ රුසියාව බයිඩ්න්ව පිලි නොගනීද?

ක්‍රෙම්ලින් මාධ්යය ප්‍රකාශක Dmitry Peskov ප්‍රවුර්ති වාර්ථාකරුවන් අමතා ප්‍රකාශ කර සිටින්නේ; මේ පිළිබඳ ඇමරිකාවේ අධිකරණ ක්‍රියාවලිය අවසන්වී මැ...


ක්‍රෙම්ලින් මාධ්යය ප්‍රකාශක Dmitry Peskov ප්‍රවුර්ති වාර්ථාකරුවන් අමතා ප්‍රකාශ කර සිටින්නේ; මේ පිළිබඳ ඇමරිකාවේ අධිකරණ ක්‍රියාවලිය අවසන්වී මැතිවරණයේ ජයග්‍රාහකයා නිළ වශයෙන් ප්‍රකාශ කරන තෙක්, ඇමරිකාවේ ජනාධිපති මැතිවරණයේ ජයග්‍රාහකයාට සුභ පැතීමට රුසියානු ජනාධිපති පුටින් කළබල නොවන බවයි.

ඇමරිකා එක්සත් ජනපද ජන මාධ්යය ජෝ බයිඩ්න් ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කර ඇති තත්වයක් යටතේ; අනෙකුත් රාජ්ය නායකයින් මෙන්, පුටින් ජෝ බයිඩ්න්ට සුභ පතන්නේ නැත්තේ ඇයි? යන පැණයට පිළිතුරු ලෙස ඔහු මෙසේ ප්‍රකාශ කර සිටියේය.

2016 පැවති ඇමරිකා ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන් පරාජය භාර ගැනීමත් සමග ජයග්‍රාහකයා නිරවුල්ව පැහැදිළි වූ හෙයින් ජයග්‍රාහක ට්‍රම්ප්ට සුභ පැතීමට රුසියාව පියවර ගත් බව ඔහු පවසා සිටියේය. නමුත් මෙවර ට්‍රම්ප් අධිකරණ ක්‍රියාවළියකට යොමු වී ඇති අතර ජයග්‍රාහකයා තවමත් නිළ වශයෙන් ප්‍රකාශ කර නොමැති තත්වයක් යටතේ ඒ සඳහා රුසියාව ඉක්මන් නොවන බව ඔහු පවසයි. Peskov වැඩිදුරටත් පවසා සිටින්නේ කවුරුන් ජයග්‍රාහකයා වූවද ඔහු සමඟ නිළ වශයෙන් කටයුතු කිරීමට රුසියානු ජනාධිපති පුටින් පියවර ගනු ඇති බවයි.

ඒ අතර චීනයේ විදේශ අමාත්යාන්ශය නිවේදනයක් නිකුත් කරමින් චීනය ඇමරිකාවේ නීතියට ගරු කරන බවත් ඇමරිකාව නිළ වශයෙන් ජනාධිපතිවරයා නම් කිරීමෙන් අනතුරුව චීනය ඔහුට සුභ පතන බවත් ප්‍රකාශ කර ඇත.

lakaleadnews

No comments

Ads Place