Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා නිසා නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝ දෙලක්‍ෂයක් දිනපතා අපතේ..

  රටේ පැතිර යන කොවිඩ් 19 වෛසරය හමුවේ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ දිනකට එලවළු කිලෝ  ලක්ෂ 2 ½ පමණ දිවයින පුරා පිහිට ආර්ථික මධ්‍යස්ථාන ඇතුළුව ...

 


රටේ පැතිර යන කොවිඩ් 19 වෛසරය හමුවේ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ දිනකට එලවළු කිලෝ  ලක්ෂ 2 ½ පමණ දිවයින පුරා පිහිට ආර්ථික මධ්‍යස්ථාන ඇතුළුව සුපිරි වෙලදසැල් සහ තොග වෙලදසැල් වලට බෙදා හැරි බවත් , එය මේ වන විට කිලෝ පනස්දහස දක්වා පහල බැස ඇති  බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙලද සංගමයේ ලේකම් අරුණ ශාන්ත මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත මහතා කියා සිටියේ දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන ගණනාවක් සහ සුපිරි වෙලදසැල් ගණනාවක් වසා දමා ඇති නිසා එලවළු සදහා පවතින ඉල්ලුම මේ වන විට අඩු වි ඇති බවයි.

නුවරඑලිය ආර්ථිත මධ්‍යස්ථානයට මේ වන විට ගාල්ල , මාතර , දඹුල්ල, වැල්ලවාය , අවිස්සාවේල්ල යන ප්‍රදේශවලින් දිනපතා එලවළු රැගෙන යාමට වෙලදුන් පැමිණෙන බවත්, එසේ පැමිණෙන වෙලදුන් , ලොරි රථ , රියදුරන් සහ රිය සහයකයන් විෂබිජහරණයට ලක් කර තම ආර්ථික මධ්‍යස්ථානයට ඇතුල් කර ගන්නා බවයි අරුණ ශාන්ත මහතා කියා සිටියේ.

මේ දිනවල නුවරඑලියේ එලවළු අස්වැන්න අඩු කාලයක් බවත් , පවතින තත්ත්වය හමුවේ කැරට් කිලෝවක තොග මිල රු 120-130 , ලික්ස් රු 35 , නුවරඑලිය අල රු 170-180 , ගෝවා රු 80-90 , මාළු මිරිස් රු 220-230 , බිට්රුට් රු 60 , රාබු රු 60 , බෝචි රු 180 – 200 , තක්කාලි රු 55-65 අලෙවි වන බවයි අරුණ ශාන්ත මහතා කියා සිටියේ.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සියළුම වෙලදුන් සහ සේවකයින්ව පි.සි.ආර් පරික්ෂණයට ලක් කර ඇති බවත් , නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සියළුම ව්‍යාපාර කටයුතු සෞඛ්‍යය ආරක්ෂිත උපදෙස් අනුව  සිදු කරන බවයි අරුණ ශාන්ත මහතා කියා සිටින්නේ.

සංචරණ සිමා පනවා ඇති සහ ඇදිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල පදිංචි ජනතාවට අවශ්‍යය එලවළු  එම ප්‍රදේශයටම ප්‍රවාහනය කර බෙදා හැරිමට රජය අවස්තාව සලසා දෙන්නේ නම් එම කටයුත්ත නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය හරහා සිදු කල හැකි බවත් අරුණ ශාන්ත මහතා වැඩි දුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments

Ads Place