Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කහතුඩුවේ කරනවෑමියෙකුට කොරෝනා

  කහතුඩුව ප්‍රදේශයේ කරනවෑමියෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ. ඔහු හා සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් අද (02) දිනයේ පී.සී.ආර්...


 කහතුඩුව ප්‍රදේශයේ කරනවෑමියෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.

ඔහු හා සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් අද (02) දිනයේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කරන බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ් මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, 

“කහතුඩුව ප්‍රදේශයේ සැලූනයක කරනවෑමියෙකු කොවිඩ් රෝගියෙක් බවට හඳුනාගත්තා. ඔහුගේ ආශ්‍රිතයින් ඉතාම අසීරුවෙන් සොයා ගත්තා. 120ක පමණ ප්‍රමාණයක්. ඒ 120ක ප්‍රමාණය මේ වන විට නිරෝධායනයට ලක්වෙලා තියෙනවා. එම නිරෝධායනයට ලක්වෙන ආශ්‍රිතයින්ගෙන් රෝගයට ගොඳුරු වුවන් සොයාගැනීම සඳහා වන මෙහෙයුම ලෙස අද දින පීසීආර් පරීක්ෂාව සිදුකරනවා. අපි බලාපොරොත්තු වෙනවා අද පීසීආර් 150ක් පමණ කරන්න. සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ පදිංචිව සිටින රෝගීන් ගණන 32යි. නමුත් මෙහෙ ඇඟලුම් කර්මාන්ත ශාලවල සහ අනෙකුත් තැන්වල කරන පරීක්ෂාවලදී මෙහෙ සේවය කරන පිටපළාත්වල පුද්ගලයනුත් එකතුව 39ක් වෙනවා එකතුව.“

No comments

Ads Place