Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සේවයට වාර්තා නොකළ බන්ධනාගාර නිළධාරීන්ට අනතුරු ඇඟවිමක්

රාජකාරී සඳහා වාර්තා නොකල බන්ධනාගාර නිළධාරීන් සේවය හැරගියා සේ සලකා කටයුතු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. සියළු බන්ධනාගාර ...


රාජකාරී සඳහා වාර්තා නොකල බන්ධනාගාර නිළධාරීන් සේවය හැරගියා සේ සලකා කටයුතු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. සියළු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට ඉකුත් දා පියවර ගැණුනේ බන්ධනාගාර ආශ‍්‍රිතව මතුවූ කොරෝනා පොකුර හේතුවෙන්. 

ඒ අනුව දැනුම් දී තිබුණේ නිවාඩු ලබා සිටින සියළු නිලධාරීන් ඉකුත් සඳුදා  පෙරවරු අටට පෙර සිය සේවා ස්ථානයට වාර්තා කළ යුතු බවයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් වෙත කියාසිටියේ බොහෝ නිළධාරීන් සේවයට වාර්තා කර ඇති බවයි. 

එහෙත් මෙම නියෝගය නොසලකා කටයුතු කල නිළධාරීන් සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නා බවද ප‍්‍රකාශ කෙරුණා. මේ වන විට බන්ධනාගාර පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් ගණන 531ක්.

මේ අතර, මෑත කාළිනව බන්ධනාගාර තුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් සිදුකිරීමට වහාම කමිටුවක් පත්කිරීමට බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ විසින් අමාත්‍යංශ ලේකම් ගීතාමනී කරුණාරත්න වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයින්  තිදෙනෙකුට නොඅඩු කමිටුවක් පත්කිරීමට නියමිතයි. 

මොණරාගල බන්ධනාගාරයේ රැුදවියෙකු මියයෑම, මාතර බන්ධනාගාරයේ රැුදවියෙකුට පහරදීම, බෝගම්බර බන්ධනාගාරයේ රැුදවියන් පලායෑම සහ රැුදවියෙකු මියයෑම, වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරයේ රැුදවියන් උද්ඝෝෂණය කිරීම ඇතුලූ‍ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ සිදුකිරීමටයි නියමිතව ඇත්තේ. ඒ අනුව මෙම කමිටුවේ වාර්තාව සති 03ක් ලබාදීමට නියමිතයි. 

බන්ධනාගාර තුළ කොවිඞ් 19 පැතිරයාම පිළිබද විශේෂ අවධානයක් යොමුකරමින් එය වළක්වාගැනීම සදහා ගතහැකි සියලූ‍ ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසටද බන්ධනාගාර පාලනාධිකාරිය වෙත රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ විසින් උපදෙස් දෙනු ලැබුවා. 

No comments

Ads Place