Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

කොවිඩ් මරණ ගැන සමාලෝචනයට විශේෂඥ කමිටුවක්

මෙරට සිදුවන කොවිඩි ආසාදිත මරණ ඉහළ යාමත් සමඟ කොවිඩ් -19 වෛරසය ආසාදනයවිමෙන් මරණයට පත්විම් පිළිබඳ ව සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්...


මෙරට සිදුවන කොවිඩි ආසාදිත මරණ ඉහළ යාමත් සමඟ කොවිඩ් -19 වෛරසය ආසාදනයවිමෙන් මරණයට පත්විම් පිළිබඳ ව සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් කමිටුවක් පත්කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සත්කාරක අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තු මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වන්නේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, අජිත් තෙන්නකෝන් සහ වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා යන මහත්වරුන් ය.

මේ අතර, මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුර හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 27 දෙනෙක් මියගොස් තිබේ.

කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් ඊයේ (09) දිනයේ IDH රෝහලේදී මියගිය අතර අද තවත් මරණ 4ක් වාර්තා වුණි.

adaderananews

No comments

Ads Place