Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එළවළු, මාළු හා ඖෂධ බෙදාහරින්නන්ට බලපත‍්‍ර දීම අද සිට

ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදුකළ ආකාරයටම අත්‍යාවශ්‍ය භාණ්ඩ ජංගම වෙළෙඳුන් හරහා බෙදාහැරීමේ ක‍්‍රමාවේදය අද සහ හෙට යථාවත් කරන බව ...


ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදුකළ ආකාරයටම අත්‍යාවශ්‍ය භාණ්ඩ ජංගම වෙළෙඳුන් හරහා බෙදාහැරීමේ ක‍්‍රමාවේදය අද සහ හෙට යථාවත් කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියා සිටියේ ආහාර, එළවළු, මාළු හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමේ ක‍්‍රමවේදය අද සකස් කරන බවයි. 

මීට පෙර මාර්තු මාසයේ සිට ජූනි මාසය දක්වා වු කාලයේ කි‍්‍රයාත්මක වූ පරිදි එම ප‍්‍රදේශවල ග‍්‍රාම නිලධාරී, ප‍්‍රාදේශීය ලේකම්ගෙන් සහතිකය ලබා ගැනීමෙන් පසු  පොලීස් ස්ථාන මගින් අදාල අවසරය ලබා දෙනු ඇති. ඒ සඳහා අදාල පුද්ගලයින් යම් ලියාපදිංචි ව්‍යාපාරයක් සිදු කරන බවට ග‍්‍රාම නිලධාරී හා ප‍්‍රාදේශීය ලේකම් මගින් සනාථ කළ යුතුයි. ආහාර මෙන්ම එළවළු හා මාළු තොග වශයෙන් ප‍්‍රවාහනය කරන පුද්ගලයින්ටද අවසර ලබා ගෙන ඇඳීරි නිීිතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවලට පැමිණිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියා සිටියේ.

නිරෝධායන රීති දැඩිව කි‍්‍රයාත්මක කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ මුහුණු ආවරණ සහ දුරස්ථභාවය කඩ කරන පුද්ගලයින්ද අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි.

මේ අතර කොවිඞ් - 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස අද සිට නැවත දැනුම්දෙනතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප‍්‍රධාන කාර්යාලය වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප‍්‍රධාන කාර්යාලය මගින් ලබාගත යුතු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරි දිනයන්හි පෙරවරු 8 සිට පස්වරු 4.30 දක්වා දුරකථන අංක මගින් හෝ විද්‍යුත් තැපැල මගින් අදාළ අංශ හා සම්බන්ධ වී උපදෙස් ලබා ගන්නා ලෙසටයි දැනුම් දෙන්නේ

nethnews

No comments

Ads Place