Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පී සී ආර් පරීක්‍ෂණ සිදුකළ යුතු මරණ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් චක‍්‍රලේඛයක්

නිවසක සිදුවන මරණයක් ලියාපදිංචි කිරීමේ ක‍්‍රමවේදය පිළිබද රෙජිස්ට‍්‍රාර් ජනරාල් විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව හේතුවෙන් ගැටළු රැසක් මේ වනවි...


නිවසක සිදුවන මරණයක් ලියාපදිංචි කිරීමේ ක‍්‍රමවේදය පිළිබද රෙජිස්ට‍්‍රාර් ජනරාල් විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව හේතුවෙන් ගැටළු රැසක් මේ වනවිට පැන නැගී තිබෙනවා. රෙජිස්ට‍්‍රාර් ජනරාල් විසින් උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට‍්‍රාර්වරුන් වෙත ලිඛිතව දන්වා ඇත්තේ නිවසක පුද්ගලයෙකු මියගිය අවස්ථාවේදී එම පුද්ගලයාගේ මරණය කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවු මරණයක් නොවන බවට තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් ලියාපදිංචි කළ යුතු බවටයි.


කෙසේවෙතත් මේ පිළිබද නෙත් නිවුස් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ සිය අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව මෙම ක‍්‍රමවේදය රෙජිස්ට‍්‍රාර් ජනරාල් විසින් නිකුත් කර ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙවැනි ක‍්‍රමවේදයක් කොරෝනා අවදානම නොමැති ප‍්‍රදේශවලට කිසිසේත් අවශ්‍ය නොවන බවයි. නිවසක සිදුවන මරණයක් ලියාපදිංචි කිරීමේ මෙම ක‍්‍රමවේදය යළි නිවැරදි කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයා වෙත දන්වා තිබෙනවා.


මේ අතර පී සී ආර් පරීක්‍ෂණ සිදුකළ යුතු මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අද දිනයේ චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතයි.


ඒ අනුව රෝහල්වලදී, හුදෙකලා ප‍්‍රදේශවලදී සහ කොරෝනා ආසාදිතයෙකුගේ ආශ‍්‍රිතයෙකු හෝ නිරෝධායන වන පුද්ගලයෙකු මරණයට පත්වුවහොත් පමණක් පී සී ආර් පරීක්‍ෂණ සිදුකළ යුතු බවට පමණක් එම චක‍්‍රලේඛයට ඇතුළත්. ඉන් පරිබාහිරව සිදුවන මරණ සදහා පී සී ආර් පරීක්‍ෂණ සිදුකිරීමට අවශ්‍ය නොවන බවයි සෞඛ්‍ය  අමාත්‍යාංශය එම චක‍්‍රලේඛයෙන් දන්වා ඇත්තේ. 

nethnews

No comments

Ads Place