Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආරක්ෂක ලේකම් ව නෙරපයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ව එම තනතුරින් ඉවත්කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප...


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ව එම තනතුරින් ඉවත්කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් ඒ බව නිවේදනය කර තිබුණි.

එරට "ජාතික ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ" ප්‍රධානියා වන ක්‍රිස්ටෝෆර් මිලර් අමෙරිකානු ආරක්ෂක ලේකම් ලෙස පත්කිරීමට නියමිත ය.  

මෑත කාලයෙදී, ජනාධිපති ට්‍රම්ප් සහ එස්පර් අතර මත ගැටුම් මෙම තීරණයට හේතු වී ඇති බව වාර්තා වේ.

පසුගියදා පැවති අමෙරිකානු ජනාධිපතිවරණයේ පරාජය ට්‍රම්ප් මෙතෙක් බාරගෙන නොමැති අතර ප්‍රකාශයට පත්වී ඇති ප්‍රතිඵල පිළිබඳ ව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පවසයි.

තේරීපත්වූ ජනාධිපති ජෝ බයිඩන් ජනවාරි 20 වැනිදා එම ධූරයේ කටයුතු ඇරඹීමට නියමිත අතර එතෙක් තීරණ ගැනීමේ බලය ඩොනල්ඩ් ට්‍රම්ප් සතු ය.

adaderananews

No comments

Ads Place