Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වනජීවි රාජ්‍ය ඇමතිගේ මාර්ගයට එරෙහිව පරිසර සංවිධාන අධිකරණයට

  පොළොන්නරුව ජල ගැළුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මාර්ගය විවෘත කිරීමට බලධාරීන් කටයුතු කළ හොත් ඒ පිළිබද අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බව පරිසර ...

 


පොළොන්නරුව ජල ගැළුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මාර්ගය විවෘත කිරීමට බලධාරීන් කටයුතු කළ හොත් ඒ පිළිබද අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බව පරිසර යුක්ති කේන්‍ද්‍රය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ නෙත් නිවුස් වෙත පැවසුවේ එවැනි මාර්ගයක් විවෘත කිරීමට නොහැකි බවයි.

එම මාර්ගය විවෘත කළහොත් සිදුවන පාරිසරික හානිය වැඩි වන බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන සදහන් කළේ.

පොළොන්නරුව ජල ගැළුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මෙම මාර්ගය මනම්පිටිය පාලම අසලින් ආරම්භ වී මහවැලි ගගට සමාන්තරව යක්කුරේ සහ නුවරගල දෙසට විහිදෙනවා. එම මාර්ගය විවෘත කරනු ලබන්නේ වැලි ජාවාරම්කරුවන් වෙනුවෙන් බවයි සුරකිමු ශි‍්‍ර ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ.

ජල ගැලූම් නිම්න ජාතික උද්‍යානය 1984 වසරේ ජාතික වනෝද්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමත් සමග එම මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමුණා. ඊට විකල්ප මාර්ගයක් ලෙස සිරිපුර හරහා වැටී ඇති පොළොන්නරුවේ සිට මහියංගණය මාර්ගය භාවිතයට ගෙන තිබෙනවා.


මේ අතර විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා වනජීවි නිලධාරීන්ට සිදුකළ තර්ජනයට විරෝධය පා වනජීවි නිලධාරීන් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද පෙරවරු අටෙන් අවසන් කිරීමට නියමිතයි. කෙසේවෙතත් මෙම මාර්ගය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පාර්ලිමේන්තුවේදී ඊයේ කියාසිටියේ.

nethnews

No comments

Ads Place