Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොව පුරා කොවිඩ් තත්ත්වය - රුසියාවේ වෛද්‍යවරුන්ගේ හිඟයක්

  ලොව කොවිඩ් මරණ ලක්ෂ 12 ඉක්මවයි. ලොව පුරා  කොවිඩ් මරණ සංඛ්‍යාව අද (01) දොළොස්ලක්ෂය ඉක්මවා ගියේය. මේ වන විට හඳුනාගෙන ඇති ගෝලීය ආසාදිතයන් සංඛ...

 


ලොව කොවිඩ් මරණ ලක්ෂ 12 ඉක්මවයි.

ලොව පුරා  කොවිඩ් මරණ සංඛ්‍යාව අද (01) දොළොස්ලක්ෂය ඉක්මවා ගියේය.

මේ වන විට හඳුනාගෙන ඇති ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව හාරකෝටි හැට හතරලක්ෂයකට අධික වේ.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තය දෙවන වරටත් සම්පූර්ණයෙන්ම වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කළේය.

කොවිඩ් ආසාදිතයන් මිලියනය ඉක්මවූ රාජ්‍ය අතර නවවැනි ස්ථානයට අද දින එක්සත් රාජධානිය පැමිණි බව වාර්තා වේ.

ඒ ඊයේ නව ආසාදිතයන් 21,915 දෙනෙකු හඳුනාගැනීමත් සමගය.

එක්සත් රාජධානියේ කොවිඩ් මරණ සංඛ්‍යාව ද 46,000 ඉක්මවා තිබේ.

මේ හේතුවෙන් ලබන බ්‍රහස්පතින්දා සිට සති 4ක් සඳහා එංගලන්තය සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කළ බව අගමැති බොරිස් ජොන්සන් නිවේදනය කළේය.

එමෙන්ම ඔස්ට්‍රියාව හා පෘතුගාලයද අද සිය සංචරණ සීමා දැඩි කිරීමට පියවර ගනු ලැබීය.

බෙල්ජියමේ කොවිඩ් ව්‍යාප්තිය වැඩිම ලීච් නමැති ප්‍රදේශයේ රෝහලක රෝගය ආසාදිත, නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන හෙදියන්ට අඛණ්ඩව රාජකාරී හී නිරතවන ලෙස දැනුම් දී තිබෙන බවද වාර්තා වේ.

රෝගී සංඛ්‍යාව වැඩිවීමට සාපේක්ෂව සෞඛ්‍ය සේවකයන් අඩු වීම හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

එම ප්‍රදේශයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක යුද කලාපයක ස්වරූපයක් ගෙන ඇති බව වෛද්‍යවරු පවසති.

නෙදර්ලන්තයේ කොවිඩ් රෝගියෙක් ජර්මනියේ රෝහලක් වෙත ගුවනින් ප්‍රවාහනය කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නැති රටවල් රැසක් මේ වන විට සිය රෝගීන් වෙනත් රටවලට රැගෙන යාම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

කොවිඩ් ආසාදිතව මාස 3ක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 40 හැවිරිදි අමෙරිකානුවෙකු සුවය ලබා පිටව යාම රෝහල් කාර්යමණ්ඩලයට ප්‍රීතිමත් හා සංවේදී අවස්ථාවක් වූ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම රෝගියා දින 87ක් ශ්වසන යන්ත්‍රයක් ආධාරයෙන් දිවි ගෙවූ බව රෝහල් අංශ පැවසූහ.

වසංගතයෙන් ලොව තෙවනුවට වැඩිම බලපෑම් එල්ලවී ඇති රුසියාවේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව එරට වාර්තා පෙන්වා දෙයි.

මේ අතර යූරල් කලාපයේ කොවිඩ් රෝහලක ඔක්සිජන් නලයක් පිපිරීමෙන් ඇති වූ විශාල ගින්නක් නිසා රෝගීන් 150දෙනෙකු වෙනත් රෝහලකට පිටත්කර යැවීමට බලධාරීන්ට සිදුවිය.

මේ අතර පවතින දැඩි අවදානම නොතකා ඉන්දිය වැසියන් සාප්පු සවාරිවල නිරතවීම වෛද්‍යවරුන්ගේ දෝෂදර්ශනයට ලක්වී තිබේ.

එරට බොහෝ පිරිසක් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අමතක කොට ඇති බව වෛදවරු පවසති. 

මේ අතර කොවිඩ් ආසාදිත පියෙකුට සිය පුතුගේ විවාහ මංගල්‍යය දැක බලාගැනීමට රෝහලෙන් ඉඩ සැලසූ පුවතක් ඊශ්‍රායලයෙන් වාර්තා විය.

ආසාදිත පියාට දැකගැනීමට හැකි ලෙස, පුත්‍රයා සිය විවාහ උත්සවය පවත්වා තිබෙන්නේ රෝහල් භූමියේදීය.

No comments

Ads Place