Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එංගලන්තයේ සමාජ ශාලා, තැබෑරුම් මාසයකට වැසේ - කර්මාන්තශාලා, කාර්යාල, වෙළදසැල්, පාසල්, පොදු ප්‍රවාහන සේවා විවෘත කර තබාගැනීමට උපදෙස්

කොරෝනා රෝගය පාලනය කිරීමට එංගලන්තයේ සමාජශාලා, තැබෑරුම් සහ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන මාසයක කාලයක් වසා තැබිමට එරට රජය තීරණය කර තිබෙනවා. එනම...


කොරෝනා රෝගය පාලනය කිරීමට එංගලන්තයේ සමාජශාලා, තැබෑරුම් සහ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන මාසයක කාලයක් වසා තැබිමට එරට රජය තීරණය කර තිබෙනවා.

එනමුත් පාසල්, විශ්ව විද්‍යාල, සියලූම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු වෙළඳසැල් විවෘත කර තැබීමටත් එරට රජය නියෝග කර තිබෙනවා. අධ්‍යාපන කටයුතු සදහා සහ රැකියා සඳහා නිවසින් පිටවීමට ජනතාවට අවසර හිමිවනවා.

නමුත් සාද සඳහා රැස් වීමට ජනතාවට ඉඩක් ලැබෙන්නේ නැහැ.

තවද සියලූම කාර්යාල සහ කර්මාන්තශාලා වල කටයුතුත් සමාන්‍ය පරිදි සිදු කිරීමට එරට රජය විසින් නියෝග කර තිබේ. ඉදිකිරීම් ආශ්‍රිත ක්ෂේත්‍රද සිය රාජකාරී කටයුතු අඛණ්ඩව දියත් කිරීමට අවසර ලබා දී තිබේ.

සමාජශාලා, තැබෑරුම්, ශාරිරික යෝග්‍යතා මධ්‍යස්ථාන ආදිය වසා දැමීම දෙසැම්බර් දෙක ඉවත් කරන බවත් එරට අගමැතිවරයා පවසනවා.  ඒ නත්තල් සාද පැවැත්වීමට ජනතාවට ඉඩ ලබා දීමේ අරමුණින්

nethnews

No comments

Ads Place