Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාකඳුරේ මධූෂ් තුමාණෝ ඝාතනය අවාසනාවන්ත සිදුවීමක් : ඉරාන් වික්‍රමරත්න

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන මාකඳුරේ මධූෂ් ඝාතනය අවාසනාවන්ත සිදුවීමක් බවත්, සහාරාන්ගේ බිරිඳ ට කොරෝනා යැයි පැවැසීම පිළීබඳව සත්‍ය තොර...


සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන මාකඳුරේ මධූෂ් ඝාතනය අවාසනාවන්ත සිදුවීමක් බවත්, සහාරාන්ගේ බිරිඳ ට කොරෝනා යැයි පැවැසීම පිළීබඳව සත්‍ය තොරතුරු මේ රටේ පුරවැසියන් දැනගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි. අද (12) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.


“මාකඳුරේ මධූෂ් ඝාතනය කළා. මාකඳුරේ මධූෂ් ලංකාවට ගෙනාවේ 2019 මැයි මාසයේ. ඔහු කුඩු ව්‍යාපාරිකයෙක්. ඔවුන්ට අධිකරණය හරහා දඩුවම් කරන්න ඕනි. ඔහු කුඩු ව්‍යාපාරයේ ඉහලින්ම සිටිය අයෙක් බව පොලීසිය කියනවා. ඉතින් එච්චර වැදගත් සාක්ෂිකාරයෙක් නම් ඉබේටම සැකයක් ඇතිවෙනවා නේ... මාකඳුරේ මධූෂ් 2019 මැයි මාසේ ඉඳලා මේ පුද්ගලයා අත්අඩංගුවේ හිටියා නං මොකද මේ එකපාරින්ම ඔහුගේ ජීවිතය අහිමි වුණේ ඇයි කියලා සැකයක් ඇතිවෙනවා. එතුමා දුන්නු සාක්ෂිවලින් මේ රටේ දේශපාලනඥයන්, උසස් නිලධාරීන්ගේ, පොලීසියේ වෙන්න පුළුවන් ඒ අයගේ නම් හෙළිවෙන්න ඇති. එතුමා දුන්නු සාක්ෂිවලින් හෙළිවෙන්න ඇති. බොහෝම අවාසනාවන්තයි ඒවගේ සිදුවීමක් සිදුවීම…” යනුවෙන් ද ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මෙහිදී පැවැසීය.

තවදුරටත් එහිදී අදහස් පලකළ ඉරාන් මන්ත්‍රීවරයා කියා සිටියේ, පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තා සේ සැලකෙන සහාරාන්ගේ බිරිඳ ඔක්තෝබර් මාසයේ 21 - 22 වන දිනවල සාක්ෂි දුන් බවත්, එතුමිය දුන් සාක්ෂි තවම නොදන්නා මුත්, ඒ විස්තර තුල පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් හෙළිවී ඇතිබවට තමන්ට විශ්වාස බවත් ය. සහරාන්ගේ බිරිඳ ට කොරෝනා වැලඳී ඇතැයි පවසා, තංගල්ලේ සිට පොලොන්නරුවේ වැලිකන්දට ගෙනගොස් ඇතැයි ද මන්ත්‍රීවරයා පැවැසීය. මේ ආකාරයට සාක්ෂිකරුවන්ට සැලකීම සැක සහිත බවද අවධාරණය කළ ඉරාන් මන්ත්‍රීවරයා, ඉල්ලා සිටියේ, “ඉන් කැමරා යටතේ සාක්ෂි ලබාදුන් පාතිමා හාජියාර්තුමිය ඇතුළු සාක්ෂිකරුවන් ආරක්ෂා කරදෙන්නැයි” යනුවෙනි. සහරාන්ගේ ත්‍රස්තවාදී කල්ලියේ සියලු තොරතුරු ඇය හෙළි කරන්නට ඇතැයි ද ඔහු පැවැසීය. 

No comments

Ads Place