Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් අවදානම ඇති කොළඹ නගරයේ මහල් නිවාස

කොළඹ මහ නගර සභා සීමාව තුළ අධික තදබදයක් සහිත මහල් නිවාසවල වෙසෙන පුද්ගලයින් අනෙක් නිවාසවලට ගමන්කිරීම සම්පූර්ණයෙන් නතර කළයුතු බව වසංගත රෝග විද්...


කොළඹ මහ නගර සභා සීමාව තුළ අධික තදබදයක් සහිත මහල් නිවාසවල වෙසෙන පුද්ගලයින් අනෙක් නිවාසවලට ගමන්කිරීම සම්පූර්ණයෙන් නතර කළයුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.


එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ පරික්ෂාවට ලක් නොවූ ආසාදිතයින් නිවෙස්වල සිටිය හැකි බවය.

"විශේෂයෙන් කොළඹ මහනගර සභා සීමාව තුළදී අපි හඳුනා ගත්තා, කොවිඩ් -19 රෝගය නිසා නිවෙස තුළදී මිය ගිය කිහිපදෙනෙක්ව. එයින් තේරුම් ගන්න ඕනේ අපි PCR පරීක්ෂණ කරන අතරතුර තවදුරටත් රෝගීන් සිටිනවා. ඔවුන් හඳුනාගැනීමට අපිට අවශ්‍යයි. ඒ නිසා ගෙදරට යන එන අය නිසා ඒ රෝගය තමුන්ගේ ගෙදරට එන්න පුළුවන්. අපි විශේෂයෙන්ම කියන්නේ කොළඹ මහනගර සභා සීමාව තුළ අධික ජනගහන තදබදයක් සහිතව ජීවන්වෙන මහල් නිවාසවගේ ස්ථානවල ජීවත්වෙන අයට, කිසිම විදිහකින් අනෙක් නිවෙස්වලට යෑම සම්පූර්ණයෙන්ම නවත්වන්න කියලා අපි උපදෙස් ලබා දෙනවා," යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මහතා පැවසීය.

වයස්ගත සහ නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට වෛරසය ආසාදනයවීමෙන් මියයාමේ සම්භාවිතාව වැඩි බව වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

එහිදී "අපේ රටතුළ වගේම විදෙස් රටවලිනුත් කොවිඩ් රෝගය පිළිබඳව තියෙන අත්දැකීම්වලින් පැහැදිළිව කියන්න පුළුවන් වයස්ගත සහ නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට වෛරසය වැළඳුණාම මියයාමට ඇති සම්භාවිතාවය අධිකයි. ඒ නිසා එවැනි අය මේ රෝගය තමන්ට වැළඳීමට තිබෙන ඉඩ අවම කරගත යුතුයි," යනුවෙන් ද සඳහන් කළේය.

adaderananews

No comments

Ads Place