Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුහුද ගොඩගලයි.. ප්‍රධාන මාර්ග යටවෙයි..

යාපනය නයිනතිව් දූපත අවට ප්‍රදේශයේ මුහුදු ජලමට්ටම සීග්‍රෙයන් ඉහල යාමත් සමග ප්‍රධාන මාර්ග මුහුදු ජලයෙන් යටවීමෙන් ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී ...


යාපනය නයිනතිව් දූපත අවට ප්‍රදේශයේ මුහුදු ජලමට්ටම සීග්‍රෙයන් ඉහල යාමත් සමග ප්‍රධාන මාර්ග මුහුදු ජලයෙන් යටවීමෙන් ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී ඇති බවට නයිනතිව් ප්‍රදේශවාසීන් පවසා සිටිති.

පවතින අයහපත් කාලගුණයත් සමග මුහුදු ජලමට්ටම ඉහල යාමෙන් නයිනතිව් දූපතට පිවිසෙන ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ඇති අතර ගමනාගමන කටයුතු රැසක් අඩාල වී ඇත.

පසුගියදා යාපනය කල්ලුණ්ඩායි ගම්මානයටද මුහුදු ජලය ගැලීම හේතුවෙන් ගම්මානයේ දෛනික ජීවිතයට බලපෑම් එල්ල වූ අතර ගම්මනයට ගංවතුර තත්වයක් ඇතිවීමේ අවධානමක්ද පැවතුණි.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නයිනතිව් ආදි අවධානම් මාර්ගයන්හි ගමනාගමන කටයුතුවල යෙදීමෙන්ද වලකින ලෙසට ප්‍රදේශභාර ආපදා කලමානකරන කාර්යාල මගින්ද දැනුම් දී ඇත.

No comments

Ads Place