Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිර වසා දැමීම නිසා උසස් පෙළ සිසුන් ඇතුලු දහස් ගණනක් පීඩාවට

බස්නාහිර පළාතට පනවා තිබෙන නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් පීඩාවට පත්වූ බොහෝ පිරිසක් පිළිබඳව වාර්තා වෙනවා මේ පිරිස අතර විවිධ නේවාසිකාගාර බෝඩිං ...


බස්නාහිර පළාතට පනවා තිබෙන නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් පීඩාවට පත්වූ බොහෝ පිරිසක් පිළිබඳව වාර්තා වෙනවා

මේ පිරිස අතර විවිධ නේවාසිකාගාර බෝඩිං වල රැඳී සිටිමින් බස්නාහිර රැකියා කළ බොහෝ පිරිසක් මෙන්ම මෙවර උසස් පෙළ විභාගයට සහභාගී වන දරුවන් සහ බස්නාහිර නේවාසික පවුල් බොහෝ පිරිසක් සිටින බවයි වාර්තා වන්නේ.

බොහෝ දෙනෙකුට පැවැත්වෙන උසස් පෙළ විභාගය සදහා මධ්‍යස්ථාන වෙත යෑමට සහ නැවත පැමිණීමට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම ආදි ගැටලු වාර්තා වෙනවා. ඒ පොදු ප්‍රවාහන සේවා මෙන්ම කුලී රථ සේවාද ඇනහිටීම හේතුවෙන්.

තවත් බස්නාහිර පළාතේ රැඳී සිටින, පිසූ ආහාර වෙළඳසැල් වලින් ලබා ගැනීමට හුරුව සිටි බොහෝ දෙනෙක් ආහාර සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටිනවා. ඔවුන්ට යළි සිය නිවෙස් කරා යෑමට ප්‍රවාහන පහසුකම් නොමැති වීමත් තවත් ගැටලුවක්. ඔවුන් පවසන්නේ ආහාර හෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිව තමන් බස්නාහිර සිර වී සිටින බවයි.

තවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකිව පීඩා විඳින පවුල් පිළිබඳවද වාර්තා වෙනවා. සුපිරි වෙළඳසැල් වල පැවති අධික තදබදය සහ භාණ්ඩ අවසන් වීම නිසා දින තුනකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස් කර ගැනීමට නොහැකි වූ බවයි ඔවුන් පවසන්නේ.

nethnews

No comments

Ads Place