Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බම්බලපිටියේ සිට වතුකරයට ගිය පුද්ගලයෙකුට කොරෝනා

  බම්බලපිටියේ සිට හැටන් ඇබොලිස් වතුයායේ මොන්ටිෆෙයාර්හි පිහිටි සිය නිවෙසට පැමිණි 44 හැවිරිදි පුද්ගලයෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ත...

 


බම්බලපිටියේ සිට හැටන් ඇබොලිස් වතුයායේ මොන්ටිෆෙයාර්හි පිහිටි සිය නිවෙසට පැමිණි 44 හැවිරිදි පුද්ගලයෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.


අදාළ ආසාදිත පුද්ගලයා බම්බලපිටිය ප‍්‍රදේශයේ පිහිටි වැඩබිමක කම්කරුවෙකු ලෙස සේවය කර ඇති අතර ඉකුත් 22 වනදා ඔහු බම්බලපිටියේ සිට හැටන් දක්වා ලංගම බස්රථයකින් පැමිණ තිබුණා. එලෙස පැමිණෙන අතරතුර ගිනිගත්හේන, කළුගල පොලිස් මුරපොල අසලදී අහඹු ලෙස PCR පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. එහි වාර්තා නිකුත්වීමත් සමග අනාවරණ වී ඇත්තේ අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. 


ඒ අනුව අදාළ ආසාදිත පුද්ගලයා පදිංචි වතු නිවාස පෙළෙහි නිවාස කිහිපයක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ආසාදිත පුද්ගලයා හැටන් නගරයේ වෙළඳසැල් කිහිපයකට හා මත්පැන් අලෙවි සැලකට ද ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ තහවුරු කළා.

No comments

Ads Place