Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

ඊයේ (04) දින මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 443ක් හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි....


ඊයේ (04) දින මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 443ක් හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


එම පිරිස වාර්තා වන්නේ දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙසය.

ඉන් 212ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ඉන් 170 දෙනෙකු කොළඹ නාගරික බලප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයින් බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (04) දිනයේ නව ආසාදිතයින් 62 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී තිබේ.

මේ අතර අද දිනයේ ද කොළඹ නාගරික බලප්‍රදේශයෙන් ස්ථාන තුනකදී PCR පරික්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බව කොළඹ මහා නගරසභාවේ වසංගත රෝග විද්‍යාවේදිනි වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවා ය.

බස්නාහිර පළාතේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වු පොලිස් නිළධාරින් සංඛ්‍යාව ද මේ වන විට 180ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට බස්නාහිර පළාතේ පොලිස් නිළධාරින් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති අතර තවත් නිලධාරින් 1,302 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

මේ වනවිට දිවයින පුරා පොලිස් නිළධාරින් 273 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඊයේ දිනයේ හඳුනාගත් සෙසු ආසාදිතයින් කුරුණැගල, ගාල්ල, මාතර, රත්නපුර, නුවරඑළිය, මහනුවර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

මේ අතර IDH රෝහලේ ස්ථාපත විශේෂ විභාග මධ්‍යස්ථානයේ දී කොවිඩ් -19 ආසාදනය වු සිසුන් 27 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සඳහා සාර්ථකව මුහුණ දුන් බව ද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ මේ වනවිට වාර්තා වී ඇති සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 8,713කි. 

ඒ අතරින් පුද්ගලයින් 1,041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන්ය. පුද්ගලයන් 1,007 දෙනෙකු පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ අය වේ.

ආසාදිතයින් 6,665 දෙනෙකු එම කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් ය.

මේ වනවිට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 412 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ළඟම ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් ආසාදිතයින්  2024 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.

(ඊයේ දින ආසාදිතයින් හමු වූ ප්‍රදේශ පිළිබඳ සම්පූර්ණ විස්තර පහතින්)

adaderananews




No comments

Ads Place