Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෑගල්ලේ අලුත විවාහ වූ යුවළකට කොවිඩ් - උත්සවයට කොළඹ පිරිසකුත් ගිහින්

මාවනැල්ලේ තවත් පුද්ගලයින් 9 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව මාවනැල්ල ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික‍්‍රමසිංහ මහ...


මාවනැල්ලේ තවත් පුද්ගලයින් 9 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව මාවනැල්ල ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික‍්‍රමසිංහ මහතා පවසයි. 

එම රෝගීන් 09දෙනා අතර පසුගියදා මාවනැල්ලේ පැවැති විවාහ උත්සවයක මනාල යුවළ ද වන බව ඔහු පැවසීය. 

මාවනැල්ලේ පැවැති එම විවාහ උත්සවයට සහභාගි වු 120 කට වැඩි පිරිසක් ද නිරෝධායනයට යොමු කර ඇති බව ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික‍්‍රමසිංහ මහතා පැවසීය. 

එම විවාහ උත්සවයේ මනාලියගේ පාර්ශ්වයෙන් පැවැත් වු දිනයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුව විවාහ මංගල්‍ය කටයුතු සිදුවු බවත් දෙවැනි දින මනමාලයාගේ පාර්ශ්වයෙන් මාවනැල්ල ඹ්වත්ත ප‍්‍රදේශයේ පැවැති උත්සවයේදි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවලට අවනතනොවී කටයුතු සිදුවී තිබූ බවද මාවනැල්ල ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික‍්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මනමාල මහතා කොළඹ පොලිස් ස්ථානයකට අනුයුක්ත පොලිස් නිලධාරියෙක් බවත් අදාළ දිනයේ උත්සවය සඳහා කොළඹින් විශාල පිරිසක් පැමිණ ඇති බවත් ඔහු පැවසීය.

කොවිඩ් අසාදිත වූ මනමාලිය උඳුගොඩ රෝහලට යොමු කිරීමට කටයුතුකර ඇති අතර මනමාලයා කෑගල්ල දිසාවේ රෝගීන් නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝහලක් වෙත යොමුකර ඇත.

මේ වනවිට කෑගල්ල දිස්ත‍්‍රික්කයේ කොවිඩ් - 19 අසාදිතයන් 151ක් හඳුනාගෙන ඇති අතර 3,031ක් නිරෝධායනය යොමුකර ඇති බවද කෑගල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

adaderananews

No comments

Ads Place