Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අලුත් මැතිවරණ කොමිසමෙන් හිටපු තුනම හැලෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කිරීමට නියමිත නව මැතිවරණ කොමිෂන් සභාව සඳහා හිටපු සාමාජිකයන් තිදෙනාම ඇතුළත් නොවනු ඇතැයි එම කොමිෂන් සභා...


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කිරීමට නියමිත නව මැතිවරණ කොමිෂන් සභාව සඳහා හිටපු සාමාජිකයන් තිදෙනාම ඇතුළත් නොවනු ඇතැයි එම කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ කාලසීමාව නොවැම්බර් මස 16 වැනිදායින් අවසන් වීමට තිබියදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉකුත් 29 වැනිදා නීතියක් බවට පත්වීමත් සමග එහි බලය අහෝසි විය.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පස් දෙනකු පත්කිරීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන් සංඛ්‍යාව තිදෙනෙකි.

ඉකුත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය කටයුතු කරනු ලැබූ අතර, සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥ එන්. ජේ. අබේසේකර සහ මහාචාර්ය රත්නජීවන් එච්. හූල් කටයුතු කරනු ලැබීය.


විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක වී තිබීම නිසා ජනාධිපතිවරයාට ඉදිරි ඕනෑම අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාවට සාමාජිකයන් නම් කිරීමට අවස්ථාව හිමිවේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනාට පමණක් වසරකට දීමනා වශයෙන් රුපියල් ලක්ෂ පනස් හතරක මුදලක් ගෙවනු ලබයි.

එමෙන්ම කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු මැතිවරණ දෙපාර්තමේන්තුවට අයත් නිල නිවාස සහ වාහන අනිසි ලෙස භාවිත කිරීම ආදී චෝදනාද එල්ල වී තිබිණි.අලුත් පක්ෂ ලියාපදිංචිය මේ අතර, පසුගියදා අලුත් පක්ෂ ලියාපදිංචි කිරීම ද සිදු කරන ලද අතර එහිද අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා එල්ලවී තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබලයකුගේ බලපෑම් මත සුදුසුකම් ලැබූ පක්ෂ කිහිපයක්ම ඉන් කපා දමා තිබූ බවද පැවසේ.

මෙසේ කපා දැමුණු පක්ෂ අතර වසර 5ක කාලයක් දේශපාලන කටයුතු වල නියැලී සිටි පරපුරක බලය පක්ෂය ද සිටීම විශේෂිතය.

එම පක්ෂ නිළදාරි මඩුල්ල තරුණ පිරිසකගෙන් සමන්විත බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

sri lanka mirror

No comments

Ads Place