Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කම්කරු දෙපාර්තමේන්තුවෙනුත් සහනයක්

කාර්මික ව්‍යාපාරයන්හි සේවිකාවන් රාති‍්‍ර සේවයේ යෙදවීමට අදාළ අනුමැතීන්හි වලංගු කාලය ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. කම්කරු ක...


කාර්මික ව්‍යාපාරයන්හි සේවිකාවන් රාති‍්‍ර සේවයේ යෙදවීමට අදාළ අනුමැතීන්හි වලංගු කාලය ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල් බී කේ ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති සදහන් කළේ ඉකුත් සැප්තැම්බර් මස පළමු වන දින සිට කල්ඉකුත්වීමට නියමිතව තිබූ අදාළ රාතී‍්‍ර සේවා අනුමැතීන් මෙලෙස දීර්ඝ කළ බවයි. 


කෙසේවෙතත් මෙම අනුමැතිය ඉල්ලූම් කරන සේවා යෝජකයන්ට කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ඔන් ලයින් ක‍්‍රමයට අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි වනවා. කෙරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන  දීර්ඝ කාලීන සේවා යෝජකයන් වෙත පහසුවක් සැලසීමේ අරමුණින් ඉකුත් ජුනි මස පළමු වනදා සිට මෙම ක‍්‍රමවේදය හදුන්වා දුන් බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ.


කාර්මික ව්‍යාපාරයන්හි සේවිකාවන් රාති‍්‍ර කාලයේ යෙදවීමේදී මාස 6 කට වරක් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වනවා. 


මේ අතර බස්නාහිර පළාත තුළ මේ වනවිට තාවකාලිකව නවතා ඇති වාහන ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීමේ කටයුතු නැවත දැනුම් දෙනතුරු තවදුරටත් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. එහෙත් ඔන් ලයින් ක‍්‍රමය යටතේ වාහන ආදායම් බලපත‍්‍ර ලබාගත හැකි වනවා.

nethnews

No comments

Ads Place