Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එජාපයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට රනිල් වික්‍රමසිංහම පත් කිරීමට අඛණ්ඩ උත්සාහයක්

  එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරය භාරගන්නා ලෙස කළ යෝජනාව පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා....

 


එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරය භාරගන්නා ලෙස කළ යෝජනාව පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා. 


ඉකුත් මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ එක් ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරයක් පමණයි. ඒ සඳහා මෙතෙක් කිසිවෙකුත් පත් කර නැහැ. ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඊයේ පැවැති සාකච්ඡාවේදී පක්ෂයේ හිටපු මන්තී‍්‍රවරුන් ලිඛිතව රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත්තේ පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරය භාරගෙන පාර්ලිමේන්තුවට යන ලෙසයි. 


කෙසේවෙතත්, සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති සාකච්ඡුාවකදී රනිල් වික‍්‍රමසිංහ මහතා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ බව නෙත් නිවුස් කළ විමසීමකදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේබණ්ඩාර පැවසුවා. එහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තරුණ මන්ත‍්‍රිවරයෙකු ඒ සඳහා පත්කිරීම වඩාත් සුදුසු බවයි. 


මේ අතර, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි අකිල විරාජ් කාරියවසම් ද ඊයේ ප‍්‍රකාශ කර ඇත්තේ තමන් ද සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි. 


හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ සඳහන් කළේ රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු නොයන්නේ නම්, වත්මන් නියෝජ්‍ය නායකවරයා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවයි. 


කෙසේවෙතත්, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේබණ්ඩාර නෙත් නිවුස් වෙත කියා සිටියේ රනිල් වික‍්‍රමසිංහ වැනි පරිණත නායකයෙකු කෙසේහෝ පාර්ලිමේන්තුවට යැවීටම තවදුරටත් උත්සහයක නිරත වන බවයි. 

No comments

Ads Place