Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජිත්ට ඇති තරම් ප්ලැකනිල්.. ප්ලැකනිල් ලංකාවේ හදා පෙන්වයි..

  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “ප්ලැකනිල්” යනුවෙන් පවසමින් කොරෝනා රෝගීන්ට ලබා දෙන්නැයි ඉල්ලූ “හයිඩ්‍රෝක්සි ක්ලෝරෝකුයීන්” ඖෂධය පළමු වරට ශ...

 


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “ප්ලැකනිල්” යනුවෙන් පවසමින් කොරෝනා රෝගීන්ට ලබා දෙන්නැයි ඉල්ලූ “හයිඩ්‍රෝක්සි ක්ලෝරෝකුයීන්” ඖෂධය පළමු වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය අරඹා ඇත.

මීට පෙර ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය නොකළ ඖෂධ නිෂ්පාදනය කිරීමේ “අලුත් රටට-අලුත් බෙහෙත්” වැඩසටහන යටතේ නොවැම්බර් මාසයේ නව නිපැයුම ලෙස “හයිඩ්‍රෝක්සි ක්ලෝරෝකුයීන්” ඖෂධය එළිදැක්විණි.

රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා (SMPC) පරිශ්‍රයේ දී උත්සවය පැවැත්විණි. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහ SMPC සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ විසින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට ඖෂධය සංඛේතාත්මක ලෙස පිළිගැන්විණි.

රූමටික හන්දි රෝග සඳහා හයිඩ්‍රෝක්සි ක්ලෝරෝකුයීන් ප්‍රධාන වශයෙන් යොදා ගනී. කොවොයිඩ්-19 රෝගය සඳහා මෙම ඖෂධය ලබා දීමේ හැකියාව ගැන සොයා බැලුනද පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය එහි ඵලදායීතාවක් නැති බව ප්‍රකාශ කළේය.

SPMC ආයතනය පෞද්ගලික අංශයේ නිෂ්පාදන සහයෝගයෙන් ඖෂධය හදුන්වා දෙනු ලැබිණි. “ප්ලැකනිල්” යනු ප්‍රංශ බහුජාතික සමාගමක් නිපදවන හයිඩ්‍රෝක්සි ක්ලෝරෝකුයීන්” ඖෂධයේ මිල අධික වෙළද නාමයකි.

No comments

Ads Place