Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොනල්ඩ් ට්‍රම්ප් - අපි ජයග්‍රහණය සැමරීමට ලෑස්තියි

මේ වනවිට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට සිය පාක්ෂිකයින් අමතමින් සිටී. ඔහු පවසන්නේ, "අපි ජයග්‍රහණය සැමරීමට ලෑස්තිය...


මේ වනවිට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට සිය පාක්ෂිකයින් අමතමින් සිටී.

ඔහු පවසන්නේ, "අපි ජයග්‍රහණය සැමරීමට ලෑස්තියි" යනුවෙනි.

"හරි පැහැදිලියි අපි ප්‍රධාන ප්‍රාන්ත ජයගන්නා බව."

ට්‍රම්ප් තමාට සහාය සුන් අමෙරිකානු ජනතාවට සිය කෘතවේදය හිමිවන බව ද පැවසීය.

මේ වනවිට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජෝ බයිඩන් කොට්ඨාස 238ක් ජයලබා ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකර ගෙන ඇති කොට්ඨාස ගණන 213කි.

එසේම මෙහිදී ට්‍රම්ප් පවසා ඇත්තේ ජන්ද ගණන් කිරීම නැවැත්වීම සඳහා තමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවය. "විශාල වංචාවක් වෙනවා," යනුවෙන් ඔහු පැවසූ බව විදෙස් මාධ්‍ය පැවසීය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මීට සුළු වේලාවකට ප්‍රථම සිය පාක්ෂිකයින් අමතමින් සඳහන් කර තිබුණේ "අපි විශ්වාස කරනවා අපි මේ මැතිවරණය ජයගන්නා මාවතේ ඉන්නා බව," යනුවෙනි.

No comments

Ads Place