Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෙයින්ගෙට ගොස් මාළු අලෙවි කළ පවුලකටම කොවිඩ්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (06) රාත්‍රීයේ හඳුනාගත් අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ මවක්, ඇයගේ දරුවන් තිදෙනා සහ ඇයගේ සහෝදරියක් රෝහල්...


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (06) රාත්‍රීයේ හඳුනාගත් අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ මවක්, ඇයගේ දරුවන් තිදෙනා සහ ඇයගේ සහෝදරියක් රෝහල්ගත කිරීමට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කර තිබේ.

අදාළ කාන්තාවගේ සැමියා ද මීට පෙර කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබුණි. 

ඔහු පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයෙන් මාළු ලබාගෙන තිබූ අතර ඒ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් දැනුවත් නොකර ප්‍රදේශයේ රැඳී සිට තිබුණි.

අම්බලන්ගොඩ ධීවර වරාය ආශ්‍රිතව සිදුකර තිබූ අහඹු PCR පරීක්ෂණ හරහා මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට පසුව හඳුනා ගෙන තිබේ.

ඉන් පසුව මෙම පුද්ගලයාගේ මාමණ්ඩිය ද කොවිඩ ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඊට පෙර ඔහු විසින් තිලකපුර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට කුඩා ප්‍රමාණයේ ලොරි රථයකින් සහ ත්‍රිරෝද රථයකින් ගොස් මාළු අලෙවි කර තිබුණි.

ඊයේ රාත්‍රියේ කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගත් කාන්තාවද නිවාස වෙත ගොස් මාළු අලෙවි කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ ඔවුන්ගෙන් මාළු මිලදී ගත් අය හැකි ඉක්මණින් සෞඛ්‍ය අංශ දැනුවත්කරන ලෙසය.

මේ වනවිට මෙම ප්‍රදේශය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

adaderananews

No comments

Ads Place