Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජනතාවට සෞඛ්‍ය අංශයන්ගෙන් ඉල්ලීමක්

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව වුවද, සමාජයට පැමිණීමේදී සෞඛ්‍ය උපදෙස් උපරිම අයුරෙන් අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා....


නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව වුවද, සමාජයට පැමිණීමේදී සෞඛ්‍ය උපදෙස් උපරිම අයුරෙන් අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. 


ඔවුන් පෙන්වා දෙන්නේ සමාජයට පැමිණෙනවා නම් අත්‍යවශ්‍ය කටයුත්කට පමණක් එය සීමා කරන ලෙසයි. විශේෂයෙන්ම නිධන්ගත රෝග සහිත පුද්ගලයින් සහ වයස්ගත පුද්ගලයින් නිවෙස්ගතව සිටීම තවදුරටත් අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ. 


මීටරයක දුරස්ථභාවය, නිරන්තරයෙන් දෑත් සේදීම, මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්යයෙන්ම සිදුකරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ. පොදු ප‍්‍රවාහන සේවා භාවිත කිරීමේදී මෙන්ම වෙළඳසැල් සහ රාජකාරී ස්ථාන වෙත යාමේදීද, සෞඛ්‍ය පුරුදු නිසි ලෙස පිළිපැදීම අත්‍යවශ්‍ය බව වැඩිදුරටත් අවධාරණය කෙරුණා. 

nethnews

No comments

Ads Place