Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වරායේ සේවය කරන ආණමඩුවේ අයෙකුට කොරෝනා.. නිවසට එන ගමන් හතර අතේ රවුම් ගහලා…

කොළඹ වරයේ සේවය කල 22 හැවිරිදි තරුණයකු කොවිඩ් 19 ආසාධිතයකු බවට සනාථ වි ඇති බව ආණමඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් අබේරත්න මහතා කියයි. මෙස...


කොළඹ වරයේ සේවය කල 22 හැවිරිදි තරුණයකු කොවිඩ් 19 ආසාධිතයකු බවට සනාථ වි ඇති බව ආණමඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් අබේරත්න මහතා කියයි.

මෙසේ කොරෝනා ආසාධිතයකු බවට සනාථ වි ඇත්තේ  ආණමඩුව මැරුන්ගොඩ මහ උස්වැව එච් ගම්මානයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

අදාල තරුණයා කොළඹ වරායේ පුද්ගලික සමාගමක සේවය කර ඇති බවත් දින තුනකට පෙර මෙම තරුණයා කොළඹ දී ජෛව පටල සාම්පල් ලබා ගෙන තිබියදී මෙසේ නිවසට පැමිණේමින් සිටියදී කොරෝනා ආසාධිතයකු බවට සනාථ වි ඇති බව කියයි.

මෙම ආසාධිතයා තමන් ආසාධිතයකු බව දැන ගත්තද එය තම පෙම්වතියගේ නිවසට වසං කරමින් එහි රැදි සිට ඇති බවත් කියයි.

ඒ සමග මෙම ආසාධිත තරුණයා අදාල නිවසට පැමිනිමට පෙර ආණමඩුව සතොස ගොස් ඇති බවත් තවත් වෙළද සැලකට ගොස් එළවළු මිලදි ගෙන ඇති බවද කියයි.

ඒ අනුව ආණමඩුව සතොස ආයතනය ආණමඩුව ප්‍රාදේශීය සභාව විසින් විෂ බිජහරණය කර දැමිමට කටයුතු කර තිබුණි.

මේ සමගම සතොස ආයතනයේ සේවය කල සේවකයින් සිව් දෙනෙකු දින 14  ක කාලයක් නිරෝධායනයට යොමු කිරිමටද ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කටයුතු කර තිබුණි.

අදාල ආසාධිත තරුණයා රැදි සිටි නිවසේ කුඩා දරුවන් දෙදෙනෙකු හා ඔවුන්ගේ මව හා ආසාධිත තරුණයාගේ පෙම්වතියද නිරෝධායකයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණි.

ආසාධිත තරුණයා දංකොටුව රෝහලේ කොවිඩ් ඒකකයට යොමු කිරිමටද කටයුතු කිරිමට කටයුතු කල බව ආණමඩුව මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් වන සිසිල් චාමර හේමචන්ද්‍ර හා ,ප්‍රියන්ත සරත් කුමාර යන මහත්වරුන් පැවසිය.

lankacnews

No comments

Ads Place