Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කඩු පිහි වලින් කපා දෙදෙනෙකු ඝාතනය කෙරේ….

යාපනය වඩුකොඩෙයි පොලිස් වසමේ සුලිපුරම් කුඩාගනේ ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් සිදු කරන ලද පහරදීමකින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර අදාල ඝාතනය සමබන...


යාපනය වඩුකොඩෙයි පොලිස් වසමේ සුලිපුරම් කුඩාගනේ ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් සිදු කරන ලද පහරදීමකින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර අදාල ඝාතනය සමබන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වඩුකොඩ්ඩෙයි පොලීසිය පවසයි.

මිය ගොස් ඇති දෙදෙනා කුඩාගනේ ප්‍රදේශයේ පිහිටි අතුරු මාර්ගයක 13 දා රාත්‍රී 10 .30 ට පමණ ගමන් කරමින් සිටියදී එකවරම තියුණු ආයුද ගත් 15 දෙදෙනකුගෙන් පමණ යුත් පිරිසක් විසින් පැමිණ පහරදීමෙන් එක් අයෙකු එම ස්ථානයේම මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යාමෙන් පසුව මිය ගොස් ඇත.

අදාල පහරදීමත් සමග කුඩාගනේ ප්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති අතර වඩුකොඩ්ඩෙයි පොලීසිය හා යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් තත්වය පාලනය කිරීමට පියවර ගනු ලැබීය.

අදාල පහරදීම පවුල් අතර කලක සිට පැවති පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමක් බවට මේ වන විට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

පහරදීම හේතුවෙන් මිය ගොස් අත්තේ කුඩාගනේ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරදි රාජන් තේවරාජා සහ 51 හැවිරිදි සින්නවන් සෙල්වන් නැමති අය වෙයි.

අදාල ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කල වඩුකොඩ්ඩෙයි පොලීසිය විසින් සිදු කරන ලද පරික්ෂණ වලදී ඝාතනයට සමබන්ධ සැකකාර පුද්ගලයින් 12 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණයක් අරඹා ඇති බවට පරික්ෂණ සිදු කරන වඩුක්කොඩ්ඩෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place