Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔන්ලයින් ඉගැන්විම කලත් ප්‍රදේශ රැසකට අන්තර්ජාල දුරකතය සංඥා නැහැ

බලන්ගොඩ ග්‍රාමිය ප්‍රදේශ රැසකට අන්තර්ජාල ජංගම දුරකතන සංඥා ඉතා දුර්වල මටිටමක පැවැතිම හේතුවෙන් මෙිි දිනවල ඔන්ලයින් ක්‍රමයට ඉගනිමෙි කටයුතු වල න...


බලන්ගොඩ ග්‍රාමිය ප්‍රදේශ රැසකට අන්තර්ජාල ජංගම දුරකතන සංඥා ඉතා දුර්වල මටිටමක පැවැතිම හේතුවෙන් මෙිි දිනවල ඔන්ලයින් ක්‍රමයට ඉගනිමෙි කටයුතු වල නිරත වෙන දරැවන්ගේ අධ්‍යාපන කටයුතුවලට එය විශාල බාධාවක් වි ඇතැයි දරැවන් සහ මවිපියන් සදහන් කරති.

සමනල වත්ත,වලේබොඩ ,ගල්ලෙන කන්ද ,නන්පෙරියල්,ඉහළ මස්සැන්න,මුල්ගම,වටවල ,රජවක,දියවින්න ,වැලිපතයාය, ඉත්තැගල ,නෙළුයාය, යන ප්‍රදේශවලට අන්තර්ජාල දුරකතය සංඥා පැහැදිලිව නොමැති කම හේතුවෙන් දහස් ගණක පාසල් දරැවන් අසරතාවයට පත්ව ඇතැයි මවිපියන් කියති.

මෙිි දිනවල පවතින කොවිඩි -19 වසංගත තත්ත්වය හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යන බව දරැවන් සහ මවිපියන් කියති.

රැපියල් විසිදහසකට අධික මුදලක් වැයකර ඔන්ලයින් ක්‍රමයට දරැවන්ට ඉගන ගැනිම සදහා ස්මාර්ටි ජංගම දුරකතන මිලදීගෙන දුන් බවත් නමුත් අන්තර්ජාල දුරකතය සංඥා පැහැදිලිව නොමැති කම හේතුවෙන් තම දරැවන් විශාල ලෙස අසරතාවයට පත්ව ඇතැයි ඔවුහු කියති.

මෙිි අතර ඇතැම් සිසුන්ට දුරකතන සංඥා ලබා ගැනිම සදහා තම නිවසින් බැහැර තිබෙන කදුකර ප්‍රදේශවල ඉඩම් වලට යැමටද සිදුව ඇතැයි වාර්තා වෙි.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

No comments

Ads Place